මීගමු රෝහලේ මෘත දේහ,මාළු ගබඩාකරන ශීතකරණයක !

0
88

IMG-20191003-WA0007
මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ ගැටළුව කලක සිට පවතින්නක් වන අතර මේ වනවිටද එහි සේවය කරන අයටත් , අවට ප්‍රදේශවාසීන්ටත් මෙම තත්වය පීඩාකාරී ප්‍රශ්ණයක් වී ඇත .
මාළු පටවන ශීතකරණයක් වන මෙහි සමහර විට මල සිරුරු 20 ක පමණ සංඛ්‍යාවක් තැන්පත් කරන බව මෙහි සේවය කරන අයෙකු අප සමඟ පැවසීය . සාමාන්‍යයෙන් තැන්පත් කලහැක්කේ 6ක7 ක පමණ සංඛ්‍යාවකි . මේ නිසා මෙහි නිතර යාන්ත්‍රික දෝෂ හටගනී. එවිට එහි අක්‍රිය වීමෙන් අවට ප්‍රදෙශවාසීන්ට සහ මේ අසල පාරේ ගමන් කරන අයටද මෙහි ගඳ නිසා පීඩාවට පත්වන බව පෙනේ.
එවන් අවස්ථා වලදී අයිස් පිටින් ගෙනවිත් දමා තාවකාලිකව විසඳා ගන්නා නමුත් එය මුහුණ දියයුතු ප්‍රධාන ප්‍රශ්ණයකි.
මේ වනවිට නව මෘතශරීරාගාරයක් හැදෙමින් පවතින නමුත් එ්සඳහා කෙතරම් කාලයක් ගනීදැයි කිව නොහැක . එබැවින් දැනට පවතින ගැටළු විසඳා ගැනීම කෙරෙහි අදාල බලධාරීන් අවධානය දිය යුතුව ඇත .