මීගමු රෝහලේ සිටි, වෙඩි වැදුණු මංගල සම්පත් ඉහල අණකින් කොළඹට යවයි.

0
60

පසුගිය මැයි 30 වැනි දින කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ට එල්ලවූ මාරාන්තික පොලිස් ප‍්‍රහාරයේදී වෙඩි වැදී තුවාල ලැබූ ඒ.ටී.ජී. ලංකා ආයතනයේ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි 19 හැවිරිදි අවිවාහකයෙකු වූ මංගල සම්පත් ජුනි 07 වැනි දින පෙරවරු 11.30 ට පමන මීගමුව රෝහලින් කොළඹට ඉතාම හදිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වේ.

එදින පොලිසිය විසින් තැබූ වෙඩි පහර ඔහුගේ කලවා ප‍්‍රදේශයෙන් ඇතුළු වී කකුලේ ඉදිරිපසින් පිටතට පසාරු වී තිබිණි. එහිදී ඔහුගේ ලිංගේන්ද්‍රය ආශී‍්‍රතවද තුවාල සිදු වී තිබේ.   මීගමුව රෝහලේදී ඔහුව ශළ්‍යකර්මයකටද ලක් කර ඇත. මෙහිදි  ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති අතර ගුදය මැහුම් දමා තාවකාලිකව වසා දමා ඇත.

මේ වන විට මළපහ පිටකිරිම බඩවැලේ එක්තැනක් කපා ඇති කරගත් සිදුකරට සවිකළ බටයක් මගින් සිදුවන අතර මුත්‍රා පිටකරනුයේද බටයක ආධාරයෙනි.මෙහි ප්‍රථිඵලයක් ලෙස ඔහුව දින කිහිපයක්ම මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කල අතර මෙලෙස ඉතාම හදිසියෙන් කොළඹට මාරු කරන තුරුම  ඔහු මීගමු රෝහලේ 06 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබීය. මීගමු රෝහලේ ආරංචි මාර්ග වලින් වාර්තා වන පරිදි මෙලෙස ඉතා හදිසියෙන් ඔහුව මීගමු රෝහලින් වෙනත් රෝහලකට රැුගෙන යාමේ හදිසි උවමනාවක් තිබී නොමැති අතර මේ වන විට ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් කිසිදු අසාධ්‍ය තත්වයක් ද වාර්තා වී නොතිබිණි. කෙසේ වෙතත් ඉහලින් පැමිණි අනක් මත ඔහුව මෙලෙස කොළඹට යවන්නට සිදු වූ බව මීගමු  රෝහල් ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් වාර්තා වේ.  කුරුනෑගල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඔහු මීට මාස 04 කට පමන පෙර කටුනායක නිදහස් වෙළඳ කලපයේ  කම්කරුවෙකු ලෙස මෙම රැකියාවට පැමිණ ඇත.  ඔහුගේ ශල්‍යකර්ම සිදුකල ස්ථාන සහ තුවාල වී තිබූ ස්ථාන වලට දමා ඇති මැහුම් මේ වන විටත් නිසි ලෙස වෙලී නොයැම නිසා ඔහුට තවත් දින කිහිපයක්ම මීගමු රෝහලේ රැදී සිටින්නට සිදු වනු ඇති බවට වෛද්‍යවරුන් ඔහුට පවසා තිබුණි. මේ වන විටත් ඔහුගේ සිය`ඵ මළ පහ කිරිමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවන අතර එම කටයුතු සිදු වීමට මීගමු රෝහලේදී ඔහුගේ ශරීරයට බට සම්බන්ධ කර තිබුණි.