මෙය සිදුවුනේ මීගමු රෝහලේදීය. දිනය 2018 පෙබරවාරි 28 වෙනිදාය. වයස අවුරුදු 59ක් පමණවූ ඇය නමින් ජසින්තාය. තම දරුවන් විදේශ ගතවී සිටින හෙයින් ඇය තම කටයුතු කරගත්තේ තනිවමය. 28 වෙනිදා රාත්‍රි ඇයව රෝහලට ගෙන ගියේ මාළු කටුවක් උගුරේ හිරවීම නිසාය. දැඩි අපහසුතාවයෙන් සිටි ඇය රෝහලේ 2වන වාට්ටුවේ නතර කරන ලදී. ඉන්පසුව ඇය මුහණදුන් අත්දැකීම අපට විස්තර කළේ මෙසේය.
වාට්ටුවේ ඉදල එක්ස්රේ එකක් ගන්න එක්කන් යන්න ආව ගෑනුකෙනා මට මතක හැටියට ඇදල හිටියෙ කහපාට ඇදුමක්. ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න ඇති. එයා මගෙ අපහසුතාවය ගැන හිතුවෙනෑ, බැනගෙන බැනගෙන ගියා. මොකටද රෑට මාළු කෑවෙ? දවල්ට කන්න එපායැ, මොන මාළුද කෑවෙ? බෝල්ලුද? බෝල්ලුද? ඈ මම කථාකළේ බොහොම අමාරුවෙන් . අර ඒක තමයි, බෝල්ලු තමයි කාල තියෙන්නෙ, මෙතන හරි කරදරයක්නෙ තියෙන්නෙ.
ඊලඟ සිදුවීම ECG කාමරේදි වුනේ. එතන හිටිය ඇටෙන්ඩන්ට් නෝන මට කිව්ව ඇඳුම ගලවන්න කියල. මම උඩ ඇඳුම ගලවන්න බොත්තම් ගලවන්න හදන කොට කෑගැහුව බොත්තම් ගලව ගලව ඉන්න වෙලාවක් නෑ , ඔළුවෙන් ගලවන්න කිව්ව. මම යටට බැනියමක් ඇදල හිටියෙ උඩ ඇඳුම දුහුල් නිසා. මෙන්න මෙයා බැනියමකුත් ඇදල, බැනියම් ඇදල තියටර් එකට එනවද? මෙහෙම බනින කොට බලන් හිටපු අයටත් කදුළු ආව.
‘ පසුව නිර්වින්දක වෛද්‍යවරයා 8.30ට පමණ ඇයව නිර්වින්දනය කර තිඛේ.
ඇයට නැවත සිහිය එනවිට ඇගේ මුඛයේ කොනකින් මැහුම් දමා තිබී ඇත.
උගුරේ කටුව ඉවත් කර නොතිබූ අතර ඇයගේ දිව සහ තොල් ඉදිමි තිබුණ බව ඇය පවසයි.
ඇයගේ උගුරේ තිබූ කටුව නොගත්තෙ උගුරට යවන උපකරණයෙ කැමරාව ක්‍රියාත්මක නොවූ නිසා බව ඇය දැනුවත් කර තිබින. පසුව ඇය ජයවර්ධන පුර රෝහලට ගොස් ඇති අතර එහිදී පරීක්ෂා කරන විට කටුව තිබුණු බවත්, එහිදී අවධානම අඩුවී බෙහෙත් ආදිය දීමෙන් පසු අපහසුතාවය මගහැරුණු බවත් ඇය අපසමග පැවසුවාය.
මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය දැනුවත් කිරීම රෝගියාගේ යුතුකම වුවත් රෝගියා ඒ අවස්තාවේදී පත්වන තත්වය අනුව ඇයට හෝ ඔහුට ඒ සදහා නොහැකියාවක් පවතී. නමුත් ඒ සදහා විධිමත් හා පහසු ක්‍රමවේදයක් තිඛෙනවා නම් රෝගියා ට රෝහල තුළදීම මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට පෙළඹෙනු ඇත.
අප මීටපෙරද රෝහළේ සමහර සේවකයින්ගේ කථාබහ හැසිරීම් ගැන සඳහන් කරමින් ලිපි පළකර ඇත. මේ අකාරයට රෝහලේ හෙදියන්ගේ විණය පිරිහිණු අවස්ථා පිළිබදව රෝගීන්ට බොහෝ කණගාටුදායක අත්දැකීම් තිඛේ. නමුත් ඒවා නිවරදි කළ යුත්තේ රෝහල පරිපාලනය විසින්මය. ගොඩනැඟිය යුත්තේ රෝහල් ගොඩනැගිල්ල පමණක් එවැනි නිලධාරීන්ගේද මනස ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු.