මීගමු රෝහල අපිරිසිදුයි ?

0
346

IMG-20191223-WA0018IMG-20191223-WA0014IMG-20191223-WA0019

මීගමුව රෝහලේ පිරිසිදු කිරීමට අදාලව විශාල සේවක ප්‍රමාණයක් සිටී. ඔවුන් රෝහලේ සමහර ස්ථාන නිතර පිරිසිදු කරන නමුත් සමහර ස්ථාන කිසි දිනක පිරිසිදු කළ බවක් පෙනෙන්නට නැත . තහඩු ගොඩනැගිල්ලේ බෙහෙත් ගැනීමට යන ස්ථානයේ පඩිපෙළ අවට කිසිදු පිරිසිදු කිරීමක් දක්නට නැත . එවැනි ස්ථාන සහිතව සිටීමෙන් රෝගීන් පමණක් නොව නිරෝගී අය පවා රෝගී තත්වයට පත්වන බව කිවයුතු නැත.IMG-20191223-WA0015

එලෙස පිරිසිදු කිරීම සඳහා කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටියද ඔවුන්ගේ කටයුතු ගැන නිසි පරීක්ෂාවක් තිබේද ? යන ප්‍රශ්ණය මතුවේ. අවට පිළිබඳව ගත්විටද එවැනි සමහර ස්ථාන වල අපිරිසිදු පරිසරයක් පවතින හෙයින් රෝහල් කාමර තුළ සහ වාට්ටු තුළ විශාල මදුරු ගහනයක්ද දැකිය දහැක . කාර්‍යමණ්ඩලයේ සමහර අය මේ මදුරු කරදරයෙන් තාවකාලික විසඳුම් පතා අත්පාවල බෙහෙත් වර්ග ආලේප කරගන්නා ආකාරය මා දැක ඇත්තෙමි . පසුගිය දිනවල රෝහලේ කාර්‍යමණ්ඩලයටද ඩෙංගු රෝගය වැලඳී ප්‍රතිකාර ගත් බව අපි දැක්කෙමු . එබැවින් මෙම පිරිසිදු කිරීම යන කරුණ දැඩි සේ අවධානයට ලක් කළයුතුය.IMG-20191223-WA0016
රෝහල් භූමිය තුලම රෝග බෝවීමට අදාල තත්වයන් නිර්මාණයවී තිබේනම් ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය වේ. ඉතා සංවේදී ස්ථාන අවට ගලි උතුරා දුර්ගන්ධය පැතිරීම පිළිබඳව අප මීට පෙරද සඳහන් කළෙමු . එබැවින් මෙකී තත්වය අව⁣බෝධ කරගනිමින් කටයුතු කිරීම සියළු දෙනාගේම වගකීමක් බවද අප අවධාරණය කරන්නෙමු .