මීගමු රෝහල ඉදිරිපිට සිටින රෝගියා වෙනුවෙන් මනුෂ්‍යත්වය අවදිවේ ..

0
81

IMG-20201106-WA0016

මීගමුව රෝහල ඉදිරිපිට කාත් කව්රුත් නැතිව මරණාසන්නව සිටි රෝගියකු පිළිබඳ ප්‍රවෘත්තිය අපගේ මීපුර නිව්ස් වෙබ් අඩවියේ පළක⁣ර ගතවූයේ පැය කිහිපයකි.
මේ වනවිට ඒ පිළිබඳව සැබෑ මිනිස් ගුණාංග සහිත මිනිසුන්ගේ මැදිහත්වීමක් සිදුවීමට නියමිත තිබේ.
මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ මීගමු රෝහල් සංවර්ධන පදනමේ ප්‍රධාන සංවිධායක වන මාකස් කාරිය කරවන මහතාගේ මේ වෙනුවෙන් තම පදනම දැනටමත් අවැසි පියවරයන් ගත් බව දන්වා සිටියේය.
එමෙන්ම රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිශාන්ත දල්පදාදු මහතා සිය ෆේස් බුක් පිටුවේ තබා තිබුනේ මෙවැනි සටහනකි

crishanthaChrishantha Dalpathadu
ඔබතුමා ගේ මාධ්යයෙන් අප ප්රදේශවාසී දැනුවත් කිරීම ඉතා අගය කොට සලකන අතර අපගේ ගෞරවණීය ස්තූතිය ද පුද කරනවා ඇත්තෙන්ම නගරයේ පුරවැසියන් ලෙස සමහර දේ අප දැනුවත් වන්නේද ඔබගේ මධ්ය තුළිනි ඔබගේ මාධ්ය මීගමුවට සහ අවට ප්රදේශවාසීන්ට සම්පතකි …මෙම රෝගියා ගැන ඔබ මාධ්ය තුළින් දුටු විගස මීගමුව රෝහල් නියෝජ්ය අධ්යක්ෂක තුමා සහ ප්රධාන ආරක්ෂක නිලධාරීතුමා වත් පොලිසියත් දැනුවත් කළා ඉක්මනින් මේ ගැන සොයා බලා එම රෝගියාට අවශ්ය ප්රතිකාර ලබා දීමට කටයුතු සලසන මෙන් ..සභාපති.. මීගමුව රෝහල් සංවර්ධන පදනම සහ රෝහල් කමිටුව