මීගමු රෝහල ගිලා බසී

0
49

මීගමුව රෝහල මේ වන විට අඩුපාඩු රැසකින් සමන්විතව ඇති බව පසුගියදා එහි වෛද්‍ය අධිකාරීවරිය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන ලදී. රජය විිසින් මෙතෙක් පොරොන්දු වී ඇති කිසිම ප්‍රතිසංස්කරණ කටයුත්තක් මේ වනතෙක් අරඹා නැති අතර ඒ පිළිබදව විශ්වාසය තැබිය හැකි කිසිදු ලකුණක්  නොමැත. මේ වනවිට අලුත් ගොඩනැගිල්ලේ වාට්ටු කීපයක ජල කාන්දුවක් මෙන්ම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබදව ද ගැටලුවක් මතුවේ. එමෙන්ම රෝහලේ ප්‍රධාන වාට්ටු වල ප්‍රමාණවත් පහසුකම් නොමැති කම තවත් ප්‍රධාන ගැටළුවකි.  රෝගීන් පිරුණ වාට්ටුවලට නිසි පරිදි ඇදන් නොමැත. එමෙන්ම උපකරණ පහසුකම් වල අඩුපාඩුද එමටය. කාටූනයේ මාතෘකා කොටගන ඇත්තේ රෝහලට අනාගතයේදී සිදුවිය හැකි ව්‍යසනයයි.

cartoon 1