මීගමු රෝහල අනාරක්ෂිතයි..???

0
80

පසුගිය 21 වන සිකුරාදා මීගමු රෝහලේ නිලධාරිණියකගේ මාලයක් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග  සදහන් කරයි. මෙම සිදුවීමට මුහුන දී ඇත්තේ රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිණයකි. එදින කිසියම් පුද්ගලයෙකු මීගමුව රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ පිහිටි ගිණුම් අංශයේ  දෙසට ගොස් මෙඩිකල් එකකට මුදල් බදින්නට අවශ්‍ය බවත් එම ස්ථනය කොතනද යන්නත්  ඇයගෙන් විමසා ඇත. එයට උත්තර දෙනාවාත් සමගම එම පුද්ගලයා ඇයගේ  ගෙලේ තිබූ මාලය කඩාගෙන පැනගොස් ඇත.  මේ  සිද්ධියෙන් පසු තමන්ගේ ආරක්ෂාව ගැන  ගිණුම් අංශයේ නිලධාරීනියන් දැඩි කම්පනයටත් ආරක්ෂාව පිළිබදව  බියටත් පත්වී ඇති බව වාර්තාවේ.  මීගමු රෝහලේ දී  පසුගිය කාලයේ  අපරාධ කීපයක් සිදුවූ  අතර ඒවාට මුහුණ දුන් තිදෙනාම කාන්තාවන් වෙති. 2009 වසරේදී චමිලා නමැති තරැණිය දූෂණය කර 06 වෙනි මහලෙන් බිමට දැමූ අතර, ඇය රාගම රෝහලට ගෙනයන  අතරදී මිය ගියේය. මෙම වසරේදී දැනට මාස කීපයකට පෙර රාත්‍රී කාලයේ වැඩ කරමින් සිටි සුපවයිසර්වරියකට කිසියම් පුද්ගලයෙකු විසින් බලහත්කාරකම් කර තිබුණාි. ඇය ඒ පිළිබදව  පොලීසියට  ද පැමිනිලි කර තිබූ අතර එම සේවකයාට විරැද්ධව කිසිම දඩුවමක් දීමට රෝහල් පරිපාලනය සමත් වූයේ නැත.