
මිගමු මාළු කියපුව ඉතින් හැබෑවටම බ්රැන්ඩ් එකක් තමයි. ඒත් මේ දවස්වල මිගමුවටත් මාළු හිගයි කියහන්කෝ . කාලගුණය අවුල හින්ද නේවි එකෙන්ම දැනුම් දුන්නා මුහුදු යන්න එපා කියල .
ඒ හින්ද අදත් මුහුදු ගිහින් තිබුනේ බෝට්ටු කිපයක් විතරයි . මේ ටිකේම එහෙමයි . මාළුත් හිගයි . අද මිගමු වැල්ලේ සාලයෝ කිලෝ ඒක රු 200- 250 යි .
හාල්මැස්සෝත් රු 250යි .
වෙනත් මාළු වර්ග දකින්නත් නැ වගේ ..
මාළු අල්ලන්න යන්න වෙන්නේ නැ කියන්නේම සෑහෙන දෙනෙක්ට ඒක බඩටම දැනෙන කාරණයක් . මාළු කණ අයට නෙමෙයි මාළු රස්සාවෙන් ජිවත් වෙන අයට….