මීගමු වැල්ලේ තාමත් මාළු කිරන්නේ හොරටද ?

0
139

(12.30 pm ) මීගමුව වැල්ලේ කලක පටන් කරගෙන යනු ලබන අඩුබරට කිරිමේ මහා ජවාරම තවදුරටත් ක්‍රියාත්මකද යන්න ප්‍රශ්ණය අප අද අසාසිටියේ එහි මාළු කඩේ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන වැල්ලවිදියේ ධිවර ඒකාබද්ධ සංවිධානයෙනි.

එයට පිළිතුරු දෙමින් එහි නිලධාරියෙකු කියා සිටියේ බර අඩුවෙන් කිරින වැඩේ යළිත් නොකරන ලෙසින් මාළු ලෑලි වල අයව දැනුවත් කර ඇති බවය.

පසුගිය කාලයේ කොටුව පිට්ටනිය මාළු වෙළද සැලේ සෑම කිලොවක්ම කිරෙන්නේ ග්‍රෑම් 200 ක් අඩුවෙන් බව ප්‍රකට කරුණක් විය.

කෙසේ වෙතත් ටෙන්ඩර් ගෙන ඇති සමිතිය කියා සිටින්නේ හොරට කිරා ඇත්තේ සැක සිතේ නම් ධිවරයන්ට මාළු කිරිම සදහා වෙන් කර ඇති ලොකු බැලන්ස වලින් කිරා බලන ලෙසය.
කිරුම් බර අවුල් නම් වහාම සමිතිය දැනුම්වත් කරන ලෙස අප කළ විමසිමකට පිළිතුරු දෙමින් කියා සිටියේය

මීට කලකට ඉහතදි නම් පොලිසිය හෝ කිරුම් මිණුම් බලධාරින් කිසිදිනක වැල්ලට පැන්නේ නැත.ඒ පවතින දේශපාලන බලපෑම් නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here