මීගමු වැල්ලේ නීතිවිරෝධි බාර්!සංචාරක හෝටල් හිමියෝ අර්බුදයක!

0
95

tourismරාජපක්ෂ පාලනය ආරම්භ වීමත් සමඟින්ම දසතින් වාර්තා වන්නට පටන් ගත්තේ පැවැති වසර 5ක ඇරියස් කවර් කරන්නට පටන් ගත් පොහොට්ටු දේශපාලකයන් හා ආධාරකරුවන්  ගැනය.
වැලි කපති.
නඩු දමති.
නඩුවලින් නිදහස් වෙති.
මාධ්‍යවේදින්ට පහර දෙති.
නීතිඥයන්ට තර්ජනය කරති.
කප්පම් ඉල්ලති.
තවත් බොහෝ දැ මසක කාලයක් තුල පටන් ගෙනය.
මේ අතර මීගමුවේදි දැන් තවත් දේවල් සිදුවෙන්නට පටන් ගෙනය.
ලංසා පවුලේ ආධාරකරුවෝ මීගමුවේ වැල්ලත් අල්ලති.
බලපත්‍ර නැතිවම අරක්කුත් විකුණති.
මේ සියල්ල සිදුවන්නේ විශාල මුදලක් යටකොට හෝටල් පවත්වාගෙන යන සංචාරක කර්මාන්තටද පහර එල්ල කරමිනි.
සංචාරක හෝටලයක් සිය මත්පැන් බලපත්‍රය සදහා වසරකට රුපියල් ලක්ෂ 10 කටත් වඩා වැඩි මුදලක් රජයට ගෙවති.IMG-20191221-WA0016
තතු එසේ වෙද්දි ඒ හෝටල් පිටිපස්සේම මත්පැන් බලපත්‍ර නැති පොහොට්ටු ආධාරකරුවෝ දැන් මත්පැන් විකුණති.එතනින් නොනැවති නත්තලට සාජ්ජ දමන්නටත් සැලසුම් කරති.
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වෙද්දි ප්‍රධාන වශයෙන් අවධාරණය කරන ලද කරුණක් වුයේ විනය ගරුක රටක් හදන බවය.
ඔහු සාම්ප්‍රාදායික දේශපාලකයෙකු නොවන නිසාම බොහෝ දෙනා විශ්වාස කළේ එය එසේම වේවි යැයි කියාය.
එහෙත් දැන් සාම්ප්‍රදායික දේශපාලකයෝ පරණ පුරුදු සෙල්ලම් සියල්ලම පටන් ගෙනය.
මේවාට එරෙහිව පියවර නොගන්නේ නම් විනය ගරුක රට වෙනුවට විනයක් නැති රටක් නිර්මාණය වනු නිසැකය.
වැල්ලත් අල්ලන බලපත්‍ර නැතිවම අරක්කුත් විකුණන මිගමුව  දැන්මම බිහිවි හමාරය.
මේ තත්වය මිගමුවේ සංවාරක කර්මාන්තයට මේ වන විට ඉතාමත් අහිතකර ආකාරයෙන් බලපා තිබේ.
විශාල මුදලක් අයෝජනය කොට සංචාරක ව්‍යාපාරයේ නියැලි සිටින මේ ව්‍යාපාරිකයෝ මේ වන විට අර්බුදයකට පත්ව ඇත්තේ නිති විරෝධි අන්දමින් බාර් මිගමුව වැල්ල දිගට ස්ථාපිත විමට ඇති අවධානමත් සමගින්ය.
එබැවින්මට මේ තත්වය පාලනය කර දිමට ජනපති ගෝඨාබය වහා පියවර ගත යුතු යැයිද හෝටල් හිමියෝ අවධාරණය කර සිටිති.