මීගමු වැල්ලේ මේ වැසිකිළිය කුඩු බොන අයට පමණද ?

0
75

IMG-20190918-WA0009 (12.45 pm ) යම් අවස්ථාවක මෙම වැසිකිළිය කඩා ඉවත්කරනු ඇත. එහි ඉන්පසු වෙනත් ගොඩනැගිල්ලක් ඉදිවනු ඇත .ඒ සියල්ල බලධාරීන්ගේ අවශ්‍යතාව මත සිදුවන නමුත් ජනතාව ඒවා ප්‍රශ්ණ නොකරති . එමෙන්ම නගරසභාවේ පක්ෂ විපක්ෂ කිසිවෙක් මේ පිළිබඳව විරුද්ධ ව කටයුතු නොකරති . මන්ද ඔවුන් හීලෑ කර ගැනීමට මෙම පාලකයින් දක්ෂය.නමුත් අප ඔවුන්ට අනතුරු අඟවන්නේ ජනතා බදු මුදල් අවභාවිතාවේ යොදවන්නන්ට මේ සියල්ලේ වන්දිය යම් අවස්ථාවක ගෙවන්නට සිදුවන බවය.
මෙම ගොඩනැගිල්ල ලංසා පාලනය තුළ මීගමුව මහ නගරසභාවේ මැදිහත්වීම මත ගොඩනැගුවකි. නඩත්තු වන්නේ මීගමුව නගරසභාවෙන්ය. මේ වනවිට එය භාවිතාවන්නේ එක් අවශ්‍යතාවයක් සඳහා පමණි .ප්‍රදේශයේ තරුණ පිරිසට මරණය ලඟා කරවන මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම ගොඩනැගිල්ල මහඟු සේවාවක් සිදුකරන බව ප්‍රදේශවාසීන් පවසති . සමහරු තමන්ගේ දරුවන් වෙනුවෙන් වගකිවයුත්තන්ට ශාප කරමින් මේ ගැන අදහස් පල කරති .අද පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් කඳුලු සලන ලංසා මේගැන නොදන්නා නමුත් නගරයේ පවතින මේ තත්වය ගැන කව්රුත් දනිති .
මේ කාමච්චෝඩය මාළු වෙළඳපල අසල වසාදමා ඇති පොදු වැසිකිළියකි. මෙහි ඇතුලත ජරාවාසවී ඇති අතර වසර ගනනාවක් තිස්සේ භාවිතයෙන් තොරය.මෙය නගර පාලකයින්ගේ බුද්ධියේ මහිමය පෙන්වන තවත් එක් අවස්ථාවකි. ජනතාවගේ අවශ්‍යතාව මතු කරමින් පොදු වැසිකිළි , පොදු පාරවල් සහ වෙනත් පොදු ගොඩනැගිලි තැනීම සඳහා ජනතා මුදල් වැයකරමින් , කොටසක් තමන්ගේ මල්ලට දමා ගැනීමට සමත්ය. ඒ මගින් ජනතා ප්‍රසාදය දිනාගැනීමටද ඔවුන්ට හැකියාව ලැබී ඇත.