මීගමු වැල්ල අයිති ධිවරයන්ටද? පල්ලියටද? හෝටල්කාරයන්ටද ?

0
109

( 8.00 am ) මීට කලකට ඉහතදි මිගමු හිටපු නගරාධිපතිවරයාට කුඩාපාඩුව ප්‍රදේශයේ ධිවර පවුල්වල තරුණයන් හා ඇතිකරගත් අඩදබරයට මුල් වි තිබුනේ කොල්ලන්ට සෙල්ලම් කරන්න තිබුණ වැල්ල හෝටල්කාරයන් විසින් දැන් තමන්ගේ පරිහරණයට ගෙන තිබිම සම්බන්ධයෙන් වු ගැටළුවකි.

කටත් අතත් ඉස්සර කරගත් මිගමුව හිටපු නගරාධිපති දයාන් ලංසාට  කාන්තාවන් පවා එක්වි පහර දි තිබුනේ පාරටවත් බැහැගන්නට බැරිතැනට කටයුතු සිද්ධ කරමිනි.,
මේ හේතුව නිසාම කලක් දයාන් ලංසා අතුරුදහන්ව සිටියා අපට මතකය . ඒ චණ්ඩිකම් පෙන්විමට ගොස් ඉල්ලන් කෑම නිසාය.

කෙසේ වෙතත් මේ සිදුව හරහා මතුකළ වැදගත් කරුණු ගණනාවකි

මේ සිදුවිමේදි අත්අඩංගුවට පත් අයව බේරාගැනිමට පොලිසියට යාමට එන ලෙස එක්තර පියතුමෙකුට මේ ධිවර පවුල්වල අය ඉල්ලා සිටියදි එතුමන්ගේ පිළිතුරු වි තිබුනේ මම මේ කොල්ලන්ට කියල තියෙනව වැල් බෝල ගහන්න එපා යැයි කියාය.

ඉන් කියැවෙන්නේ කුමක්ද ?

එසේ නම් කොල්ලන් සෙල්ලම් කරන වැල්ලේ පරිහරණ බුක්තිය ලබා දිය යුත්තේ මිගමුව නගරධිපතිගේ හිතුවතුන් වන හෝටල්කාරයන්ටද යන ප්‍රශ්ණය ගම්වාසින් මතුකර තිබේ
පල්ලිය මේ පැනයට අවංකව පිළිතුරු දිය යුතුය

දැන් තවත් කරුණකි.

මිගමු වැල්ල යනු මිගමුවේ පමණක් නොව පිටපළාත් වලින් පවා ජනයා පැමිණ සැබැවින්ම සිය නිදහස විවේකය  අපුරු ලෙසින් ගත කළ විශේෂ ස්ථානයකි.
එහෙත් ලංසා පවුල සිය දේශපාලන වාසි තකා මේ වැල්ල තවත් ව්‍යාපාරිකයන් සුලු පිරිසක් වෙතට පවරා දිම නිසා දැන් ගැටලු රැසක් මතුව තිබේ.

දැන් ඇත්තේ මිගමුව වැල්ල වෙනුවෙන් කරවල වාඩියකි.

මෙම වැල්ල අහිමිව ගිය තැන බිච් පාක් නමින් තවත් තැනක් ඉදිකෙරුනි.  මිගමුව මහනගර සභාවට විශාල මුදලක් හම්බ කරගැනිමට විභවයක් සහිතව පැවැති ඒ ස්ථානය නිමල් ලංසා සහ දායන් ලංසා විසින් සිය පියාගේ සුඛ විහරණය වෙනුවෙන් මුදල් උපයා ගැනිමට හැකි සල්ලි ඉල්ලමක් ලෙසින් පවරා තිබුනේ එහි සදාතනික ටෙන්ඩර්කරුවා බවට පත් කරමිනි .

මිගමුවේ අර සංවිධාන පුරවැසි එකතු වැනි මෙකි නොකි දැ රැසක් තිබුණද මිගමුවේ ක්‍රියාත්මක වු කප්පරක් දුෂණ වංචා ගැන කථා කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.
දුෂණ වංචා ගැන කතාකරන්නට මුදල් ඇති පදනමින් ලැබුන සංවිධාන පවා තිබුණද ඒ සියල්ලන් කටයුතු කලේ මිගමුවේ දුෂණ වංචා නැති ගානට සිතාය

දැන්වත් මේ තත්වය වෙනස් කිරිමට මිගමුවට ඇත්තටම ආදරය කරන අය පෙරට ආ යුතුව තිබේ

කරවල වේලිමට විකල්ප ඉදිරිපත් කොට දස දහස් ගණන් ජනයා හට සිය විවේවකය නිදහසේ ගත කිරිමට අති මිගමු වැල්ල නිදහස් කරගැනිම අංක එකේ කටයුත්තක් සේ සලකා මිගමුවට කටයුතු කළ යුතුව තිබේ

මිගමුව පවුලේ බුදලයක් සේ සලකා කටයුතු කළ පවුලක අවසානය දැන් සනිටුහන් වි තිබේ. ඒ වෙනුවට දැන් මිගමුව තුල ස්ථාපිත කළ යුතුව ඇත්තේ මිගමුව සැබැවින්ම ආදරය කරන අයගේ පාලනයකි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here