මීගමු වැල්ල ඇල්ලිම සදහා බලපත්‍රයක් ???

0
100

මීගමුව වැල්ල ඇල්ලිම සිඝ්‍රයෙන් වැඩිවෙන්නට පටන් ගෙන තිබේ. මේ සියල්ල පිටුපස සිටින්නේ අන් කවුරැන් වත් නොව ප්‍රදේශයේ දේශපාලනය නායකයන්ය. මේ නිසාම මහත් අසරණ තත්වයකට පත්ව සිටින පරිපාලන අධිකාරිය කාසය බිපු ගොළුවන් බවට පත්ව ඇත.
විශේෂයෙන්ම මේ දිනවල මීගමුව කොටුව පිට්ටනිය අසල වැල්ලේ අනවසර ඉදිකිරිම් 2 කක් සිදුවෙමින් තිබේ.මින් එකක් ඉදිකරනු ලබන්නේ පෝල් නැමැත්තෙකි.වාර්ථා වන අන්දමට ඔහු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාෙග් ආධාරකරුවෙකි.අනිකට හිමිකම් කියන්නේ ඇමති නිමල් ලංසාගේ මාමා කෙනෙකි.
කිසිදු බලපත්‍රයක් සදහා ඉල්ලුම් නොකර කර තිබෙන මේ ඉදිකිරිම නිති විරෝධි බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් දැන සිටියද එය ඉවත් කිරිමට පියවර ගන්නවා වෙනුවට මේ පෝල් නැමැත්තාට දන්වා ඇත්තේ බලපත්‍රයක් සදහා ඉල්ලුම් කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here