මීගමු විපක්ෂ මන්ත්‍රිවරුන් හා කොමසාරිස්වරිය අතර අද තීරාණාත්මක සාකච්ජාවක් !

0
71

මීගමුව නාගරික කොමසාරිස්ධුරය මේ දිනවල බරපතල විවේචනයකට ලක්වෙමින් ඇත්තේ ඇයගේ වෘත්තිමය නොවන දේශපාලන පක්ෂග්‍රාහි බව නිසාය.
දැඩි උඩගු චරිතයක් රඟදක්වමින් අයතා ගණුදෙනු රැසක් ගැනද චෝදනා ලබමින් කටයුතු කරමින් සිටින ඇයගේ තනතුරු පසුගිය අයවැය විවාදයේදිද විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
එපමණක් නොව පසුගියදා මිගමුව කුට්ට්දුවේ ධිවර ප්‍රජාව ඉතාමත් හෑල්ලුවට ලක්කරමින් ඔවුන් නුගතුන් යැයි කියමින් උඩගු ලෙසින් හැසිරි ඇති ඇය ධිවර ජනතාව අතර දැඩි පිළිකුලකට මේ වන විට පත්ව හමාරය.
මීගමුව වැනි මහනගර සභාවක කොමසාරිස්ධුරයක් දැරිමට තරම් නිසි සුදුසුකම් නැති රුවිනි ප්‍රනාන්දු නම් වු මෙම කාන්තාව ඇගේ සියලු නුසුදුසුකම් වසාගැනිම සදහා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයටම නිගාකරමින් සිටින්නීය.
අද පස්වරුවේ ඇය හා විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අතර පැවැත්වෙන සාකච්ජාව අතිශය තීරාණාත්මක වනු ඇත.
ඒ පක්ෂග්‍රාහි භුමිකාව දැඩි සේ දෝෂදර්ශණයට ලක්කරමින් පසුගිය දිනවල අදහස් ඉදිරිපත් කළ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් හා ඇය අතර මෙම සාකච්ජාව සිදුවන බැවිනි