මීගමු ශ්‍රී විභූතියේ කැඩපතක් නොවු බස් ඩිපෝව……

0
250

IMG-20201117-WA0014IMG-20201117-WA0012
(12.05 pm) මීගමුව, සෙල්ලකන්ද පාරේ සිට බස් ඩිපෝව පාරෙන්, යන එන අයට ප්‍රථමයෙන්ම මුණ ගැසෙන ගොඩනැගිල්ලයි මේ. දිරාපත්වූ ටකරං තහඩු සහ යකඩ බාල්ක සහිත මෙම ගොඩනැගිල්ලේ බිත්තියත් ආරක්ෂාවට ඇති තාප්පයත් එකකි.

මෙය බැලූ බැල්මට අත්හරින ලද ගොඩනැගිල්ලකැයි නොදන්නා අයෙකුට හැඟෙන්නට පුළුවන. නැත, මෙය මීගමු නගරයේ පොදු ප්‍රවාහනයේ බස් රථ නඩත්තු කරන කාර්මික අංශයේ කොටසකි. තවමත් මෙහි අදාල කාර්මික සේවක මහතුන් තම රාජකාරි කටයුතු සිදු කරයි. මෙවැන්නක් අප්‍රිකාවේ බියැප්‍රාව වැනි ඉතා දුප්පත් යැයි සැළකෙන රටක වත් තිබේදැයි කිව මෙහි ඇති අබලන්වූ තාප්පයෙන් පැන ඕනෑම දුර්වල හොරෙකුට වුවද යමක් රැගෙන යාමට හැකියාවක් ඇත.

වරෙක CCTV කැමරා සවිකර තිබුනද මේ වනවිට එවැන්නක් දක්නට නැත. අවට ප්‍රදේශවාසීන් කුනු කසල ගෙනැවිත් දමන්නේ මෙම තාප්පය අසලටය. සමහර විට එය කුනු කන්දක් බවට පත්වී දුඟද දරාගත නොහැකි තත්වයට පත්වේ.
මෙවැනි තත්වයක් පවතිද්දී මීගමු නගරයේ පාලනය හොබවන්නෝ සහ දේශපාලකයින්, කෝටි ගනනින් අත්‍යවශ්‍ය ⁣නොවන දේවල් සඳහා මුදල් කාබාසිනියා කරන බව කිසිවෙකුටත් රහසක් නොවේ.
අප මීට පෙරද මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් අපගේ වෙබ් අඩවියේ ලිපියක් පලකර ඇත.

ඒ වසර දෙකක පමණ කලකට පෙරදීය. නමුත් සියල්ල බීරි අලින්ට වීනා වයන්නා සේ අපතේ ගියබව කිව යුතුය. නමුත් බලධාරීන්ගේ ඇස් ඇරවීම සඳහා සහ ජනතාවගේ දැනගැනීම සඳහා මෙසේ සටහන් කරන අතර නැවත නැවතත් ජනතාව වෙනුවෙන් අදාල බලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්ණ කරන බවද ප්‍රකාශ කර සිටිමු.

සැම්සන් ඥානසිරි