මීගමු සමුපකාරයට කොරෝනා අවදානම ගෙනා පාලනයට සුදු හුණු ගාන්නේ කව්ද ?

0
133

මීගමුව නගරය මැදට කොරෝනා අවදානම පළමුව කැන්දන් ඒම පිිළිබදව පසුගිය කාලය තුල ප්‍රධාන චෝදනාව එල්ල වි තිබුනේ මිගමු සමුපාකාරයේ ලොක්කන් වෙතය.
එහි සේවකයන් කොරෝනාදැයි සැකසහිත විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දිත් ඒ සම්බන්ධයෙන් අදාල සෞඛ්‍ය බළධාරින්ට දැනුවත් කිරිම පමා කරමින් අවශ්‍ය පියවර නොගැනිම කෙළවර වි තිබුනේ එකවරම එහි සේවකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගැනිමත් සමගය.

මිගමුව නගරය තුලින් එකවරම ඒ සා විශාල රෝගින් ගණනක් හමුව තිබුන පළමු ආයතනය වුයේද මිගමුව සමුපකාරයයි.

තතු එසේව තිබියදි මේ ඇතැම් ලොක්කන් ලොක්කියන් සිය වගකිම් විරහිත ක්‍රියාව නිසා ඇතිව තිබුන දැවැන්ත කළු පැල්ලම සෝදා හැරිම සදහා මේ වන විට විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් සිටින බැව් පෙනේ.

ඒ තතු කෙසේ වුවුද ආයතනයක් පාලනය කිරිමේදි රටමුහුණ දි ඇති වත්මන් අර්බුදය හමුවේ අංක එකේ කටයුත්ත විය යුත්තේ ලාභ ඉපයිම හෝ කොමිස් ගණුදෙනු ගැන නොව සිය සේවක ජිවිතවල ඇති වටිනාකම බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ගල උඩ බළලුන් කැත කළ විට සිදුවන්නේ කුමක්දැයි එවැනි වගකිම් විරහිත පාලකයන් තේරුම් ගත යුතුව තිබේ