සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන්නට යෙදුන 2015 සාහිත්‍ය උළෙල අතිඋත්කර්ශවත් අයුරින් (29-9-2015) දින මීගමුව නගර ශාලවේදි පැවැත්විණි.
මෙම අවස්ථාවට, මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර , බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් ෂාෆී රහිම් තවත් විශේෂ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය ජනප්‍රිය කලාකරුවෙකු වන වසන්ත දුක්ගන්නාරාල මහතා විසින් පවත්වන ලදි.
මෙහිදි , විවෘත තරගය හා දෙමළ, සිංහල සහ ඉංග්‍රිසි යන මාධ්‍ය වලින් ඉදිරිපත්කර තිබුණ නිර්මාණවලින් තෝරාගනු ලැබු අය සදහා සම්මාන ප්‍රධාන උත්සවයද මෙදින සිදුවිය