මීගමු හිටපු නගරාධිපතිගෙන් නිලධාරින්ට තර්ජන ?

0
431

මිගමුව තුල මැරදේශපාලනයකට පාර කැපු ලංසා පවුල තවමත් මිගමුව තුල සිය මැරකමි පවත්වාගෙන යන බව මිගමුව මහනගර සභාවේ නිලධාරින් වරින් වර මිපුර අමතා පවසා තිබේ.

පසුගිය දිනක මිගමුව නගර සභාවට පැමිණි හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් සිය නගරාධිපති කාමරය තුලදි  නාගරික කොමසාරිස්වරයට  තර්ජනාත්මක කථා කළ ආකාරය ඉතාමත් පිළිකුල් සහගත යැයි අප අමතා කථා කළ නම සදහන් කිරිමට අකමැති වු නිලධාරියෙකු කියා සිටියේය .

අදාල අධ්‍යාපනික සහ පරිපාලන සුදුසුකම් සපුරා ඉහල රැකියාවල නිරතව සිටින රාජ්‍ය නිලධාරින්ට නුගත් දේශපාලකයන්ගේ තර්ජනවලටද මිගමුවේ ලක්විමට සිදුව තිබිම ගැන යහපාලනය ගැන නිතර කථාකරන ජනාධිපති වික්‍රමසිංහ නිහඩ ඇයිදැයි මේ නිලධාරිහු ප්‍රශ්ණ කර  සිටිති

නාගරික කොමසාරිස්වරයාට මෙසේ තර්ජනය කිරිමට අදාල සිදුවිම් මාලාවට සම්බන්ධ හිටපු නගාරික මන්ත්‍රිවරයෙකුගේ නමද ගෑවි ඇතැයි සැලය.
ඔහුද කොමිස් කුට්ටි ගණන් ගිලපු අයෙකු ලෙසද කුප්‍රකටය