”මීගොමු හඩ” පත්තරයට ප්‍රධාන පුරවැසියා අමතක වුනාද??

0
105

මීගමුව යනු ලංකාවේ වැඩිම ප්‍රාදේශිය මාධ්‍ය ගණනක් ඇති පළමු සහ එකම නගරය වෙයි.එහි ප්‍රාදේශිය පුවත්පත්ම 4 කි.
ඉන් එකක් මීගමුෙව් සහ ජාතික මාධ්‍යයන් විසින් කිසි ලෙසකින් වත්  ආවරණය කරනු නොලබන පුවත් ආවරණය කිරිමට බැදි සිටින අතර අනෙක් ඒවා ආගමික සහ සංස්කෘතිකමය ප්‍රමුඛතා මත ක්‍රියාත්මකය.
දැන් අපි කාරණයට පසුබසිමු.
අප විසින්ද කල් ඇතිව හෙළිකරන ලද අයුරින් මෑතකදි  බිහිවු පුවත්පත කතෝලිකයන්ෙග්  පැත්ත ගෙන කටයුතු කරන බව අප ඉතා පැහැදිලිය.අප කිවා හරිය. එහි අන්තර්ගතය දකින සැමට මේ බව වැටෙහෙන්නට එතරම් වේලාවක නොයනු ඇත.
අප මෙහිදි මතු කරන්නට යන්නේ තවත් එක් වැදගත් නිරික්ෂණයකි.
මීගමුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනයේ නියැලෙන අයවලුන් සියල්ලගේ සුභාශිංසන ප්‍රකාශ එහි ඇතුලත්ය.
එහෙත් නගරාධිපතිවරයා මගහැර තිබේ.
ඔහු මේ නගරයේ ප්‍රධාන පුරවැසියාය.
එය අහම්බයක්ද???
කෙසේ වෙතත් අප මේ පිළිබදව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සදහන් කර සිටියේ තමන්ව කිසිවෙකුත් සම්බන්ධ කර නොගත් බවය.
එමෙන්ම ඔහු තවදුරටත් පවසා සිටියේ අන්තවාදයට හෝ විවිධ මානසික ආතතින් වලින් යුත් පුද්ගල විනිශ්චයන්ට එහා ගොස් ක්‍රිස්තු ප්‍රතිපත්ති මත තමන් තවදුරටත් ජිවත්වන බවද පවසා සිටියේය.
අගම්වාදයට හෝ ජාතිවාදයට මේ පුවත්පත එරෙහි යැයි පැවසුවද ඇත්තටම එය ක්‍රියාවෙන් ඔප්පු වේද යන්න තින්දු ගැනිමට මීගමුවේ පාඨයන් වෙත පවරා දෙනු ලබන්නෙමු.