පිට පළාත් වලට යන විට පමණක් මීටරය විවෘත කරයි. මේ අනුව මීටරය ක්‍රියාත්මකවන්නේ ත්‍රීවීල් රියදුරාගේ වාසියට පමණක් වන අතර මගියාගේ ලාභය වෙනුවෙන් මීටරය ක්‍රියාත්මක නොවෙයි. මෙතනදී මගීන් විශාල වශයෙන් අසාධාරණයකට හා සූරාකෑමකට ලක්වේ.
මෙම ක්‍රියාව නිසා මගීන්ට සිදුවී ඇත්තේ ත්‍රීවීල් රියදුරන්ගේ ගසා කෑමටත් ඔවුන්ගේ බලහත්කාරකමටත් යට වීමටය. ගැසට් කර ඇති මෙම ත්‍රීවීල් සදහා වූ නීති මාලාව ක්‍රීයාත්මක කරවීමේ බලය ඇති ආයතනයක් අවශ්‍යය.ත්‍රීවිල් රථ සදහා නීති මාලාවක් පනවා ඇත්තේ මගීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා වන අතර ත්‍රීවීල් රියදුරන් මෙම නීතියට යටත් නොවන බව ප්‍රදර්ශනය වන අතර මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍යයය.