මීතොටමුල්ල ඛේදවාචකය සහ ජනපති- අගමැති නිහඩතාවය-ජායාරූප කතාව

0
345
Meetotamulla Garbege Dump 150417 cs.deshapriya 0547ss
ජායාරූපය: වැළලුනු මලසිරුරු සොයන දැවැන්ත බැකෝ යන්ත්‍රයක් විසින් 15දින මැදියමෙහි  එවැනි සිරුරු දෙකක් ගොඩ ගැනීමට මොහාතකට පෙර.

අඩුම වශයෙන් 17 දෙනෙකුට මරු කැදවමින් නිවාස සියයකට වඩා විනාශයට පමුණුවමින් ඊයේ සවස්භාගයේ ඇතිවූ මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් ජනාධිපති හෝ අගමැති තවමත් ශෝඛ ප්‍රකාශයක් කර නොතිබීම පුදුමයට කරුණක් බව දේශපාලන අංශ පෙන්වා දෙති.

පකිස්ථානයේ හෝ රුසියාවේ හෝ වෙන කුමන රටක හෝ සිදුවන ඹ්නෑම රටවල නායකයින්ට වහාම ශෝඛ පණිවිඩ යවන ශ්‍රී ලංකාණ්ඩුවේ නායක දෙපල මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් පැය විසිහතරක් ගතවීමට ආසන්ව තිබියදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හෝ මිථ්‍යා විශ්වාසයක් නිසාදැයි අයෙක් ප්‍රශ්ණ කරති.

ශ්‍රී ලංකා බ්‍රීප් සමඟ කතා කළ මීතොටමුල්ල ඛේදවාචකයට ලක් වූ ජනයා දේශපාලනඥයින් කෙරෙහි මහත් විරෝධයක් දැක්වූහ. තමන්ගේ සහායට එම කිසිවකු ඉදිරිපත් නොවූ බවත් මෙම අසරණ ජීවිත බිලිවූයේ දේශපාලනඥයින්ගේ උදාසීන පිළිවෙත නිසා බවත් ඔව්හු පවසති.

කුණු කන්ද අසළ පොළව යටින් මතුව ආ බලයක් විසින් නිවාස අඩි ගණනාවක් උසට විසිකළ බවත් එම නිවෙස් අනෙක් නිවෙස් මත වැටීමෙන් තවත් පිරිස් යටවූ බවත් ඇසින් දුටු පිරිස් පවසති. එම ජනයා කියන්නේ අඩුම වශයෙන් තවත් සෑහෙන පිරිසක් කඩා පහත් වූ කුණූ කන්ද යට වැළලී ඇති බවයි. මරණ ගණන ලුහුකොට දැක්වීම මගින් ජනමාධ්‍ය තමන් මුහුණ දුන් ඛේදවාචකය අවම කරන බවට එම ජනයා කෝපයෙන් චෝදනා කරති.

Meetotamulla Garbege Dump 150417 cs.deshapriya 0565ss

වෙනතක සිට කුණූ කන්ද සමඟ ගසාගෙන ආ ලෑලි නිවසක්

එමෙන්ම විනාශ වූ නිවාස සියයකට වැඩි අතර විනාශයේ සෑබෑ තත්වය සෙවීමට හෝ ආණ්ඩුව මේතාක් ගෙන ඇති පියවරක් නැති තරම්ය.

විපතට පත් ජනයා අසන්නේ කෝටි ගණන් දී වාහන ගෙන්වා ගන්නා රටේ පාලකයින්ට මෙම කුණූ කන්ද පිළිබඳව මීට වඩා විමසිල්ලක් පවත්වා ගැනීමට මුදල් වැය කළ නොහැක්කේ  මන්ද යන්නයි.

 

Meetotamulla 15042017 c s.deshapriyass

සොයා ගත් සිරුරු ගණන නොවෙයි අතුරුදහන්වෙච්ච ගාණ කියන්න – ප්‍රදේශවැසියෝ

තමාගේ ජීවිතයේ වසර 42කම මෙම කුණූ කන්ද අසළ ජීවත්වූ අයකු අප සමඟ පැවසූයේ තමා කුඩා කළ මෙහි තිබූයේ ඉතා කුඩා කුණූ කන්දක් බවයි පසුකාලීනව කොළඹ නගරයේ කුණුද ගෙන ඒම නිසා ප්‍රදේශයම කුණූ කන්දෙන් වැසී ගොස් තිබේ.

Meetotamulla Garbege Dump 150417 cs.deshapriya 0573ss

ගසාගෙන ආ කුණූ කන්ද මත ආවර්ජනාවක

කුණූ කන්ද අසළ පවත්නා රාහුල විදුහලෙහි දරුවන්ට මේ නිසා රෝග බෝවන බව 1990 ගණන් මුල සිටම ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. එසේ නමුත් ඊට පිළියමක් සෙවීමට පාලකයින් උනන්දු වූයේ නැත.

Meetotamulla Garbege Dump 150417 cs.deshapriya 0593ss

සිරුරු සෙවීම ඇතුලූ සියලු කටයුතු යුද හමුදා පිරිස් අතින් සිදුවේ.

හම්බන්තොට මහා පරිමාන සංවර්ධනයක් ලබා දුන් රාජපක්ෂ පාලනය මෙම කුණූ කන්දට විරෝධය දැක්වූ පිරිස් රුදවුම් බාරයට පවා පත් කරන ලදී. දැන් සිරිසේන රනිල් ආණ්ඩුවද මේ ජනයා අමතක කර දමා තිබේ.

Meetotamulla Garbege Dump 150417 cs.deshapriya 0583

15වන දින මධ්‍යහනයේදී ගොඩ ගත් දැරියකගේ සිරුර

.srilankabrief.org/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here