මීපුර කර්තෘට පහරදුන් මැරයන් අත්අඩංගුවට !කොන්ත්‍රාත්තුව දුන් මහ මොළකරුවන් නිදැල්ලේ ?

0
52
දයාන් ලංසාගේ කුලි මැරයෝ

FG attack 1(තෙවන  සංස්කරණය )මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ  පුද්ගලයන් දෙදෙනො අද මීගමුව පොලීසිය විසින් අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර  මොවුන්  නමින් අග්ගනගේ කුෂාන් ක්‍රිස්මාල් (28) සහ අග්ගනගේ සුපුන් රංග ප්‍රනාන්දු (22) යන වන අතර 23/1 ජනජයගම-බෝලවලාන-මීගමුව  පදිංචිකරුවන් වේ.
මෙම දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බව මීගමුව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙනො අද  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුනදාස මහතා විසින් ඔවුන් දෙනෙකා  ජුනි 14 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
මෙම අත්අඩංගුවට ගැනිම සමබන්ධයෙන් මීපුර කර්තෘ ප්‍රෙඩි ගමගේ හට මීගමුව පොලිසිය විසින් දැනුම් දි තිබුනේ මීපුර වෙබ් අඩවියේ පළව තිබුන ඔවුන් සම්බන්ධ පුවතක් නිසා ඇතිවු වෛරයක් හේතුවෙන් මේ පහර දි සිදුවු බවය.එහෙත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රෙඩි ගමගේ කියා සිටියේ තමන් වෙත මාරාන්තික පහරදිමක් කිරිමට තරම් ද්වේශයක් ජනිත කළ පුවතක් මීපුර වෙබ් අඩවිය තුල පළකර නොමැති බවය.
එ නිසාම මේ අය විසින් මේ ඉටුකරමින් සිටින්නේ තමන්ට මේ කොන්ත්‍රාත්තුව පැවැරු නියෝජ්‍ය  නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිමයි.
මේ  මරාන්තික ප්‍රහාරය සැලසුම් කිරිම සදහා දයාන් ලංසා සහ කුෂාන් අතර සිදුව ඇති දුරකථන කථාබහ පිළිබද සියළු වාර්ථා දැන් පොලිසිය සතුව ඇති බවට අපි ඉතා විශ්වාසයෙන් යුතුව කියමු.
තවත් එක් දෙයක් කළ හෙළිකළ යුතුව තිබේ.
එනම් මේ කුෂාන් නැමැත්තා මේ පහර දිමට පැමිණ ඇත්තේ නගර සභාවේ 6-2 සේවා මුරය සදහා කාඩ් එකද පන්ච් කරමින් බවය.
මෙය බරපතල තත්වයකි.
කෙසේ වෙතත් පැය 48 ක් යන්නට මත්තෙන් මේ මැරයන් අත්අඩංගුවට ගැනිමට 24 පැය පුරා මහන්සි වු මීගමුව පොලිසිය මහින්ද පාලනයේ පොලිසියට වඩා වෙනස් එකක් බව රටට සහ ලෝකයට පෙන්වා දිම අගේ කළ යුතුව තිබේ.
එහෙත් නිමකළ යුතුව ඇති තවත් වගකිමක් ඇති බවද කිව යුතුය .
එබැවින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් යහපාලන රජයේ සිටින මහින්ද රාජපක්ෂගේ බලවේගය අත්අඩංගුවට ගැනිමට පොලිසිය අසමත් වන්නේ නම් එය යහපාලන ප්‍රතිපත්ති වලට එරෙහිව යාමක් බවය.

ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න