ඩිපෝ හන්දිය අසල ප්රධාන මාර්ගයේ ඇති වලක් පිළිබදව මීපුර වෙබ් අඩවිය විසින් ඊයේ (26) වාර්තා කරන ලදී. අනතුරුව එදිනම සවස එම වල පිළිසකර කර තිබූ බවද වාර්තා විය. නමුත් අද වන විට නැවතත් කොළඹ – හලාවත මාර්ගයේ ඇති එම වල පෙර පරිදිම කැඩී ජලය පිරී ඇති බවද ප්රදේශවාසීන් වාර්තා කරති. මේ රටේ බොහෝ ප්රශ්න වලට මෙන් පාරවල් වලට ද හැමදාම දමන්නේ තාවකාලික පැලැස්තරය. තමන්ගේ රාජකාරිය හරියට සිදුකිරීමට ඇති නොහැකියාව පිළිබඳව බලධාරීන් හා නිලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත. බොහෝ තැන්වල ඇති ටෙලිකොම් වලවල් ද එසේමය. සාදා මාස කීපයක් යනවිට නැවතත් මහා අවාට සෑදේ. මෙසේ වන්නේ පැලැස්තර වැඩ රටාවට හැදුන වැඩ සංස්කෘතිය හේතුවෙනි.