මීපුර හෙළිදරව්වෙන් පසු දයාන් ලංසාගේ බුකි පිටු ගැලවේ !

0
88
Screenshot_20190621_115750_com.facebook.katana
දයාන් ලංසා විසින් ගලවා ඉවත් කරන ලද බුකි පිටුවේ එක්.ජායාරූපයක්

තනතුරක් දැරිය යුත්තේ සුදුස්සෙකි.එවිට එ තනතුරට සාධාරණයක් ඉටුකළ හැකිය.එහෙත් මිගමුවේදි සිදුව ඇත්තේ වෙනත් එකකි.ප්‍රධාන පුරවැසියා යනු අන් අයට සමකළ නොහැකි ප්‍රධානම පුරවැසියාය.ඒ.තනතුර දැන් හෑල්ලුවට ලක්වෙමින් ඇති අයුරු අප කරුණු සහිතව පසුගිය කාලය පුරාම පෙන්වා දුනි.

අන්තවාදින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ජුනි 21 වෙනිදාට  දෙමසක් පිරුණි.මිගමුවේදි සිදුවු මේ ප්‍රහාරයේ මුල සිටම ලකුණු ගන්නට විවිධ දේ කළ ඇතැම් දේශපාලකයන් දෙමස පිරෙන තැනද කල්යල් බලා ලකුණු දාගැනිම වෙනුවෙන් බුකියේ රඟන්නට විය.

මුහුණු පොතේ ප්‍රධාන කාර්යාලය විසින් මේ ඇතැම් ජායාරූප ගැන පළකර තිබුන සටහන

ඒ මිගමුව කටුවාපිටියේදි මිය ගිය අයට සාධාරණයක් ඉටුනොවුනේ යැයි කියමින් සටහන් ලියා මිය ගිය අයගේ මස්වැදලි එල්ලෙන පින්තූර නගරාධිපති දයාන් ලංසාගේ මුහුණු පොතේ පිටුවේ පලකරමිනි.

එය ඇත්තටම මිය ගිය අයටත් ඒ පවුල්.වල අයටත් සිදුකරන ලද මහත්ම වු අපහසයකි.මේ ඇතැම් පින්තූර ඉවත් කිරිමට මුහුණු පොතේ ප්‍රධානින් පවා කටයුතු කර තිබුණි.අප විසින් මෙි පිලිබදව කරන ලද හෙළිදරව්ව හමුවේ දයාන් ලංසා ලකුණු ගැනිමට යැයි සිතා පළකරන බුකි පිටුව දැන් වහා ගලවා ඉවත්කරගෙන තිබේ.ඒ පින්තූර යනු මොලේ කළදක් හෝ ඇති අයෙකු විසින් පළනොකරන පින්තුර රැසකි.එබැවින් දැන් නම් මිගමුවේ ප්‍රධාන පුරවැසියාගේ තරමත් ඔහු වටා සිටින ගෝලබාලයන්ගේ තරමත් මොනවට පැහැදිලි වා තිබේ.තමන් කලයුතු දේ නොකල යුතු  දේ ගැන නිසි තක්සේරුවකට පැමිනිමට නම් ඒ සදහා අවැසි සුදුසුකම් තිබිය යුතුය.ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවිය හැක්කේ කුමක්ද?දැන් මිගමුවේ සිදුවෙමින් ඇත්තේද එයමය.(මිගමු නගරාධිපති විසින් පවත්වාගෙන මුහුණු පොතේ.පළකර තිබුන අපගේ.හෙළිදරව්වෙන් පසු ඉවත්කරගෙන තිබුන ජයාරුප අප සතුවුවද ආචාරධර්ම කරුණු මත.ඒවා මෙහි පළනොකරන.බව සටහන් කරනු කැමැත්තෙමු)