මීපුර හෙළිදරව්ව ඵලදරයි ! පොහොට්ටුවේ බදු වැඩිකිරිමේ යෝජනාව ඉල්ලා අස්කර ගනියි !

0
66

Dayan and Farees 2(5.50 pm ) පිස්සන්ට හැතැම්ම නැති ගාණට  මුදල් වැයකරමින් නගර පුරාවට මහජන බදුමුදලින් කරගෙන යමින් ඇති වැඩ මාධ්‍ය සංදර්ශණ බවට පත්කරන  පාලනය දැන් අර්බුදයකට ලක්ව තිබේ.
වසරකට වෙන්කළ මුදල් මාස 4 කින් ඉවර ගත් මීගමුව මහ නගර සභාවේ කප්පම් නගර පාලනය පසුගිය කාලය තුල තම දේශපාලන ආධාරකරුවන්ට රැකියාවන් සපයා  දෙන තැනක් බවට පත්කරමින්  මේ වන විට ව්‍යාපෘති කම්කරුන් 224 මේ වන විට බදවාගෙන තිබෙ.
මේ සියලු වැය පාර්ශවයන් කළමණාකාරගත නොහැකි වු තැන දැන් බදුවැඩිකිරිමට ඇති සුදානම් පිළිබද අප විසින් මහසභාවට කලින්ම හෙළිදරව් කරමින් කියා තිබුනේ වත්මන් නගර පාලනයේ ඇති නාස්තිකාර වියදම් ගැනය.
මිගමුව නගරය තුල 5% කින් කොච්චිකඩේ නගර කලාපය තුල 7% කින්ද ව්‍යාපාරික බදු 15 % කින්ද වැඩිකිරිමට යෝජනා සැකසිමට මුලික වි තිබුනේ ෆරිස් මන්ත්‍රිවරයා විසිනි.
අවස්ථාව ගණනාවකදිම ජනතාව පාවා දුන් මන්ත්‍රිවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ෆරිස්  මන්ත්‍රිවරයා සිය දැවැන්ත පවා දිම අවසන් මොහොතේ සිය යෝජනාව ඉල්ලා අස්කරගනිමින් නවතා දමා තිබුණි.
කෙසේ වෙතත්  සභාව තුල මෙන්ම ඉන් පිටතදිත් මෙයට එල්ලිවිමට නියමිත ප්‍රහාරය තේරුම් ගනිමින් පසුගිය මහසභාව රැස්විමට පෙරම ඉල්ලා අස්කරගෙන තිබේ.
සැබැඳි පුවත්

හිතුමතේ මුදල් වැය කිරිම නිසා නගර සභාවේ මුල්‍ය අර්බුදයක් ! බදු වැඩිකිරිමට යෝජනාවක් !