” මීරා කරච්චි” මොබයිල් සිනමාව

0
108

මීරා කරච්චි  මොබයිල් සිනමාව කියන්නේ කණ්ඩායම් වැඩක්. සාමුහික ජංගම දුරකථන සිනමාවේදී එකතුවක්.  කැමරාකරණය සදහා මොබයිල් ෆෝන් භාවිතා කරමින් තිරය වෙනුවට බිත්ති, තාප්ප පාවිච්චි කරමින් ආන්තික මෙන්ම සංක්‍රමණික  සමාජ කණ්ඩායම් අතර‍ට කෙටි චිත්‍රපට තනන සාමුහික  සිනමා ප්‍රවේශයක්.
මෙහි  ඇති විශේෂත්වය නම් අධික  වියදම් සහිත කැමරාවක් වෙනුවට මොබයිල් දුරකතනයක් යොදා ගැනීමයි. ඒ වගේම විකල්ප තිරයක්.  එය රික්ෂෝවක්.  රික්ෂෝවක  බහාලූ
‘පවර් පොජෙක්ටරය ‘ හරහා ඔවුන්  තාවකාලික තිරයක්  හදනවා   බිත්තියක.  ඒක සිද්ධවෙන්නේ කොහේ හරි ජනතාව ඉන්න තැනක. ඔවුන්ගේ නිවාස කිට්ටුවක.
මේ එකතුවේ අරමුණ තමයි කලාව සදහා විකල්ප අවකාශයක් තැනීම මෙන්ම එය සමාජ භාවිතාවක් තුළට ගෙන එම.  ඒ සදහා  ඔවුන් ‍ෙම් සරල මෙවලම් යොදා ගන්නවා තම සිනමා නිර්මාණය කිරීමට. ඔවුන් පොදු ස්ථාන වල කලා නිර්මාණ කිරීම සදහා තමන්ගේ සම්පත්, හැකියාවන් බෙදාගන්නා කලාකරුවන්ගේ එකතුවක්.
මෙම ව්‍යාපෘතිය පකිස්තානයේ කර්චිචි නගරය ඉලක්ක කරගනිමින් මෙහෙයවන  අතිශය නිර්මාණශීලී මෙන්ම අභියෝගාත්මක උත්සාහයක්.  ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඉලක්කගත ප්‍රජාවන් මෙම විෂය සදහා සංවේදී   කිරීමයි. ඒ වෙනුවෙන් මේ කලාකරුවන් කණ්ඩායම  ජනතාව අතර ඔවුන්ගේ විදි වල, ඔවුන්ගේ ම පරිසරයන් තුළ සැරිසරමින්  චිත්‍රපට කරනවා.  ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ  එම සමාජ ස්ථර තුළ  සමාජ පරිවර්තනයක් සදහා  වාතාවරණයක් සකස් කිරිමටයි.
ඔවුන්ගේ සමාජයේ මූලිකත්වය ඔවුන් විසින්ම දරනවා දැකීමටයි.
මෙම ‘මීරා කරච්චි ජංගම දුරකථන සිනමා කණ්ඩායමතමාව හදුන්වා ගන්නේ අස්ථීර එකතුවක් ලෙසයි. වෙනත් විෂයන් හා බද්ධ වූ ඔවුන් මෙම කටයුත්ත වෙනුවෙන් එකතුවී මෙම වැඩකොටස නිර්මාණය කරනවා.  ඒවගේම මේ දේහරිම ක්ෂනිකයි. ඔවුන් හිතනවා , ඔවුන් කරනවා. මෙම නිර්මාණකරුවන්ගේ අස්ථීරතාවය මෙන්ම එකතුවීමද  තීරණය කිරීමට එරට පවතින දේශපාලන රටාවත් එක් හේතුවක්. කෙසේ වුවත් ඔවුන් සාර්ථකයි.

                                                                               visit
                                               http://tentativecollective.com/