මීරිගමදී අතුරුදහන් වූ සිසුවා අනුරාධපුරයෙන් සොයාගැනේ.

0
132

missing+person33

මීරිගම ප්‍රදේශයේ පැවැති සංඝමිත්තා පෙරහැර බැලීමට ගොස් සිටයදී පසුගිය 25 වනදින අලුයම අතුරුදහන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ (27) වනදා හමුවූ බව මීරිගම පොලීසිය පවසයි.

කිතුල්වල මුනිදාස කුමාරතුංග කණිටු විදුහලේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා අසල්වැසි තරුණයෙකු සමග මෙම පෙරහැර නැරඹීමට ගොස් ඇත. මොවුන් දෙදෙනා සමග මිතුරු වූ තවත් තරුණයෙකු 21 හැවිරිදි තරුණයා මගහරිමින් 14 හැවිරිදි සිසුවා රැගෙන ගොස් අැත. තමන් සමග පැමිණි අසල්වැසි සහෝදරයා නිවසට ගොස් ඇතැයි සිතූ 21 හැවිරිදි තරුණයා නිවසට ගොස් ඇති අතර පාසල් සිසුවා නිවසට පැමිණ නැති බව ඔහු දැනගෙන ඇත්තේ පසුදින දහවල් කාලයේදී බවයි වාර්ථා වන්නේ. පසුව මෙම දරුවාගේ අතුරුදහන් වීම සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකල පරීක්ෂණ වලදී මෙම පාසල් සිසුවා හා ඔහුව රැගෙන ගිය තරුණයා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.