මුතුරාජවෙල සටන තීව්‍ර කරන තවත් ආරම්භයක්…

0
187

මුතුරාජවෙල ගොඩබිම සංවර්ධනය කිරීමේ මුවාවෙන් එ් තුළ විශාල පාරිසරික විනාශයක් ඇති කිරීමේ පෙර නිමිති මේ වනවිට පහළ වෙමින් පවතී .”මුතුරාජවෙල ගොඩබිම බේරා ගනිව්” යන සටන් පාඨය අද ජනතාව අතර වේගයෙන් පැතිර යනු පෙනේ. එමෙන්ම ජනතාව අතර මේ
පිළිබඳව විවිධ ස්ථාන වල විවිධ මට්ටමේ සාකච්ඡා , සම්මන්ත්‍රණ සහ උද්ඝෝෂණ පැනගෙමින් පවතී .

පසුගිය ( 03 ) වැල්ලවීදිය දේවස්ථානයේ රැස්වීම් ශාලාවට එක් රැස්වූ සමීති කිහිපයක නායකයෝ කිහිපදෙනෙකුද මෙම පරිසරය රැක ගැනීමේ කටයුත්තට මැදිහත් වීමට තීරණය කරන ලදී .

මෙහිදී දැනට ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් එකේ රජයේ අරමුණ ගැන විශේෂයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී මහා සටනකට සූදානම් වීමේ බීජය එහි දක්නට තිබිණ .
මෙය මූලික ආරම්භයකි.
එය මහා බලවේගයක් බවට පත්වීමේ සලකුණු ගැබ්වී තිබිණ. මේ මහා පාරිසරික විනාශය වළක්වා ගැනීමේ සටන ජයගෙන ජනතා ජයග්‍රහණය තහවුරු කරනට ප්‍රගතිශීලී , පරිසරකාමී සියළු දෙනාට එකතු වන මෙන් අප මින් අරාධනා කරන්නෙමු.

සැම්සන් ඥානසිරි