මුදල් නොකල නගර සභා වෙක් පත් 34 ක් නිළධාරිණයකගේ ලාච්චුවේ ?

0
94

25cheque2මීගමුව මහනගර සභාවේ පරිපාලනය අවුල්ව ඇති තරම ගැන කියන්නට තුඩු දෙන තවත් සිදුවිමක් අපට වාර්ථා වි තිබේ.
එනම් පෙරියමුල්ල ප්‍රදේශයේ නගර සභාවට හිමි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය සතොස කෝප් සිටි එකක් සමග ඇතිකරගත් ගිවිසුමක් අහෝසි කිරිමට මහසභා එකගතාවයද ගෙන තිබුනද අදාල බලධාරින් විසින් එය ක්‍රියාත්මක කොට ඒ කඩයට සිල් තබා යතුරු ගෙන තිබුනේ නැත.
මේ නිසාම සභා තින්දුව එසේ තිබියදිම කෝප් සිටි කඩයද වහන්නේ නැතුවට එම ගොඩනැගිල්ලේම ක්‍රියාත්මක තිබුන අතර ඒ වෙනුවෙන් මාසික රු 9000 බැගින් කුලි ගෙවිම වෙනුවෙන් චෙක් පත්ද නොකඩවා එවා තිබේ.
මෙසේ පැමිණි චෙක් පත් ඒවා එකතු කරන ලබන නිළධාරිණියගේ මේස ලාච්චුවේ මාසිකව ගොඩගැසුණා මිස ඒ වා මුදල් බවට පත්කර තිබුනේද නැත,මේසේ වසර තුනක් යන තුරුත් කෝපි සිටි කඩය වැසුනේවත් එයින් ලැබෙන චෙක් පත්මාරු කිරිමවත් යන දෙකම සිදුව නොතිබුණ පසුබිමක සමුපාකාරයේ ගිණුම් අංශය විසින් කර තිබුණ දැනුම් දිමකින් විමසා  තිබුනේ අදාල කුලිය ගෙවමින් මාසික නිකුත් කර ඇති වෙක්පත් මුදල් බවට පත්කරගෙන නොමැත්තේ ඇයිද යනුවෙනි.
ඒ ගැන විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ එසේ ලැබුන චෙක් පත් 34 ක් අදාල නිළධාරිනියගේ ලාච්චුවේ ගොඩගැසි තිබෙන අයුරුය.
මින් කියැවෙන්නේ කුමක්ද ?
මහසභාවේ තින්දු ක්‍රියාත්මක කිරිම ගැන පරිපාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද මගහැර තිබෙන බව නොවේද?
මින් කියැවෙන්නේ මහනගර සභා පාලනයේ ඇති අවුල නොවේද ?