මුදල් මංකොල්ල කෑ විදේශිකයන් දෙදෛනෙකු පොලීසියෙන් සොයයි

0
87

(මහජන සහය පතයි ) අද 03 දහවල් වෙන්නප්පුව නගරයේ පිහිටි විදේශ මුදල් හුවමාරු ස්ථානයකට පැමිණි විදේශිකයන් දෙදෙනෙක් මුදල් හුවමාරු කරන මුවාවෙන් විදේශ මුදල් තොගයක් සොරකම් කර පලාගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා වේ. අද දහවල් 2 ට පමණ විදේශිකයන් දෙදෙනෙක් ඩොලර් සියයේ කොළයක් ලබා දි එහි ඩොලර් 50 ක මුදලක් මාරු කර ඉතිරි ඩොලර් 50 පැරණි කොළයක් ලෙස එහි සිටි අයකැමිවරයාගෙන් ඉල්ලා ඇති අතර එහි තිබු ඩොලෙර් මිටියකින් එම පැරණි ඩොලර් නෝට්ටුව තෝරා ගැනිමෙන් පසු වෙනත් සවුදි රියාල් හා ඩුබායි, ඩිරාම් ,නෝට්ටුද ඉල්ලා සිටිමින් එම මුදල් තොගය වංචාකර ඇති බව පොලිසිය කියයි. මෙලෙස රුපියල් පන්ලක්ෂ අනු එක්දාහක් වටිනා ඩොලර් 1000 ක් සවුදි රියාල් 8500ක්, ඩුබයි ඩිරාම් 3000 ක් ලෙස වංචනිකව නෝට්ටු තොගය පරික්ෂා කරන මුවාවෙන් සොරාගෙන ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසන අතර
මෙම විදේශිකයන් දෙදෙනා හුවමාරු ස්ථානයෙන් පිටත්ව ගියපසු මුදල් නෝට්ටු පරික්ෂා කිරිමේදි මුදල්වල අඩුවක් තිබීම හේතුවෙන් ආරක්ෂිත කැමරා පරික්ෂා කිරිමේදි ඉහත විදේශ මුදල් නෝට්ටු තම අත්ලේ සඟවා ගන්නා අකාරය පැහැදිලිවම නිරූපණය වීම අනුව එහි හිම්කරු විසින් මෙම පැමිණිල්ල කර තිබේ. මෙම විදේශිකයන් සොයා වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ සිදු කරයි.

චන්දන ප්‍රනාන්දු13906706_1246041215438609_2641048849104661687_n