මුදලිදු නෝනා ලංසාගේ පදයට නටයි…??

0
76

depositphotos_2527090-Children-dancingමීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුව පහුගිය කාලය තුල නිසි ලෙසින් රැස්ව නොතිබිම ගැන අප මීට කලින්ද හෙළිදරව් කළෙමු.
පළාත් පාලන නිතියට අනුව සියළුම කාරක සභාවන් සෑම මසකම මුල සතියේ පැවැත්විය යුතු අතර එය අත්හිටුවිමට කිසිවෙකුටත් නොහැකිය.හේතුව එය පළාත් පාලන නිතියට පටහැනි බැවිනි.
එහෙත් මීගමුව මහනගර සභාවේ බහුතරයක් නිළධාරින් වැඩ කරන්නේ පළාත් පාලන නිති රෙගුලාසිවලට  අනුව නම් නොවේ.
විශේෂයෙන්ම සෞඛ්‍ය කාරක සභාව මෙවර පැවැත්විම නියමිතව තිබුනද එහි කටයුතු සම්බන්ධිකරණය කරන මුදලිදු නැමැති රැස්විම් පිළිබද ලිපිකාරිනියට මඩු පල්ලියේ සිට ලැබුන දුරකථන ඇමතුමක් හේතුවෙන් මෙවර සෞඛ්‍ය කාරක සභාව කල් දැමිමට ඇය විසින් තින්දු කර තිබුණි.
මේ දුරකථන ඇමතුම ලබාදි තිබුනේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති දයාන් ලංසා මහතා විසින් යැයි සැලය.
කෙසේ හෝ නගරාධිපතිවරයා සහ  ඇතැම් මන්ත්‍රිවරුන්ගේ මැදිහත්විම නිසා අඩු සමාජිකයන් ගණනකින් හෝ සෞඛ්‍ය කාරක සභාව පැවැත්විමට අවසානයේදි සිදුව තිබුන බව වාර්්ථා වේ.