මුන්නකරයේ 64 හැවිරිදි කාන්තාවක් ගිණි තබාගෙන මිය යයි

0
55

ඔක්තෝම්බර් 05 වනදා මුන්නකරයේ ශාන්ත නිකුලා පාරේ ජීවත්වූ මේරි ජොසිටා නම් 64
හැවිරිදි මව සිය සිරුරට භූමිතෙල් හලාගෙන ගිණි තබාගෙන තිබේ. ඉන් අනතුරැව ඇයව
අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුවේ මූලික  රෝහලට ඇතුළත් කර පසුව මියගොස් ඇත. මෙම
කාන්තාව දරැ දෙදෙනෛකුගේ මවකි.  සියදිවි නසා ගැනීමට හේතුව ලෙස ඇය පවසා
තිබුණේ යැයි වාර්තා වන්නේ හිතවතකුට  ණය දෙන සමිතියකින් රු 50 000ක මුදලක් අරන් දීමත්,එම ණය මුදල එම පුද්ගලයා  නොගෙවීමත් හේතුකොට  ඇයට විදින්නට සිදුවූ අපහාසය  බවයි.