මුන්නක්කරයේ දරුවන්ට ක්‍රිඩාපිටියක් ලබාදිම පාලකයන්ගේ වගකීමක්! කලපු දූපත් ඇල්ලිම කුමන්ත්‍රණයක් ?

0
74

kadole-destruction-1මුන්නක්කරය යනු කුඩා ධිවර ගම්මානයකි. එහි බහුතරයක් සුළු පන්න ධිවර රැකියාවෙන් යැපෙන්නන් සහා ඒවායේ කුලියට රැකියාව කරන්නන්ය. ශ්‍රි නිකුලා පාසැල යනු මේ පුංචි ගමට ඇති පාසැලයි. ඒ දරුවන් හටද ක්‍රිඩා කිරිම සදහා අනිවාර්යෙන්ම ක්‍රිඩාපිටියක් අවැසිය. එය ලබාදිම පිලිබදව මුලික වගකිම පැවරෙන්නේ ද මිගමුව මෙතෙක් කළ පාලනය කළ සියලුම පාලකයන්ටය.
අප දන්නා තරමින් ක්‍රිඩා පිටි පිළිබද ප්‍රශ්ණය කෙලින්ම සම්බන්ධ වන්නේ පලාත් පාලන ආයතන වෙතය.
ඒ අනුව දශකයකටත් වැඩි කාලයක් මිගමුව පාලනය කළ ලංසා පවුල වෙත පැවරෙන වගකිම අති විශාලය.
මේ පසුබිම යටතේ පසුගිය 10 වෙනිදා කලපු සංවර්ධනය ගැන පැවැති රැස්විමේදි ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ  ප්‍රධානියෙකු වන නිමල් ලංසා හටද ලොකු වගකිමක් පැවරි තිබුණි.
එහෙත් අරුමය වන්නේ එකි රැස්විමේදි නිමල් ලංසා මේ දරුවන්ට ක්‍රිඩා පිටියකට ඇති අයිතිය ගැනත් ඒ් ගැන කටයුතු කිරිමට සැලසුම් කිරිමට ඇති සුදානම ගැනත් සිය අදහස ප්‍රකාශ කළ යුතුව වුවද වාර්තා වන අන්දමට ඔහු කිසිවක් කියා නැත.
මිගමුුවේ ඇත්තම තත්වය නම් පසුගිය කාලය තුල මිගමුවේ බහුතරයක් ප්‍රධාන පෙලේ ක්‍රිඩා පිටි සියල්ලම පාලනය කළේ ලංසා පවුලේ දේශපාලන හිතවතුන් මිස ආදල රාජ්‍ය නිලධාරින් නොවන බවය..

(මීගමුව මහනගර සභාවේ මුදල් වැය කරමින් 2008 වසරේදි ඉදිකරන්නට යෙදුන ටෙනිස් පිටිය එදා පටන්ම පාලනය කරණු ලැබුවේ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ හිතවතුන් මගිනි.එහි පාලනය කිසිවිටකත් නගරසභාවට පැවරුනේ නැත,මේ පසුබිම යටතේ ටෙනිස් පිටියෙන් මුදල් හමබ්කරගත් අය වුයේ එහි පාලනය භාරව සිටි නිමල් ලංසාගේ හිතවතුන් විසිනි )

මේ අනුව කොටුව පිට්ටනිය මෙන්ම කඩොල් කැලේ ක්‍රිඩාංගනයද ලංසා පවුලේ හිතුවතුන්ගේ බුදලයක්ම විය. අදටත් කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ ගෘහස්ත ක්‍රිඩාංගනය භුක්ති විදින්නේ පිටස්තරයන් පිරිසකි.
එපමණක් නොව ඔවුන් එයින් හොද හැටි හම්බකරති.

 

ලංසා පවුල් පාලනය යටතේ කොටුව පිට්ටනිය ක්‍රිඩාපිටිය ගිය කල


අනිත් අතට ගත් කළ මිගමුව මහනගර සභාවට මුන්නක්කරයේ දරුවන්ගේ ක්‍රිඩාපිටිය තනා දෙනවා තබා අඩුම තරමින් කොටුව පිට්ටනිය නිසි අයුරින් නඩත්තු කරදිමටවත් නොහැකි වි තිබේ
අප දන්නා තරමින් නිව්ස්ටඩ් බාලිකා විදුහල සහ ශා.මරියා විදුහල පවා සිය ක්‍රිඩා කටයුතු සදහා භාවිතා කරන්නේ මේ කොටුව පිට්ටනියයි.
මේ අනුව බලන කල මිගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් මෙන්ම දරුවන් වෙනුවෙන්ද අවැසි ක්‍රිඩා පිටි ප්‍රශ්ණයට නිසි අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දි නොතිබුන බව නම් ඉතා පැහැදිලිය.

බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය

ක්‍රිඩා පිටි නඩත්තු කිරිමට උනන්දු නොවු නිමල් ලංසා සිය පියාගේ අදායම් මාර්ග වැඩිදියුණි කිරිම සදහා ලක්ෂ 200 ක වැඩි මුදලක් වැය කරමින් පිහිනුම් තටාකයක් හදන්නට නම් ලොකු උනන්දුවකින් කටයුතු කර තිබුණි.ඒ ඒත්තුකාලේ වෙරළ උද්‍යානය තුලය.
ඉන් කියැවෙන්නේ බදුගෙවන ජනයා වෙත ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලකට වඩා සිය පවුලේ වංගු ආර්ථිකය ගොඩදැමිම නිමල් ලංසලාට මුලික වි ඇති බවයි.