මුන්නක්කරේ අඩු ආදායම්ලාභී පවුල් වලට විදේශිකයින්ගෙන් පරිත්‍යාගයක්

0
485

WhatsApp Image 2024 07 17 at 14.15.56 71d03e0e
නෙදර්ලන්ත ජාතික පවුල් කිහිපයක් එකතුව පිරිනැමූ මූල්‍ය පරිත්‍යාග හරහා  මීගමුව-මුන්නක්කරේ ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් 10000 ක් පමණ  වටිනාකමකින් යුත් වියලි ආහාර  ද්‍රව්‍ය සපිරි ආහාර මලු 50 ක් ප්‍රදානයක්  අද (17) පෙරවරුවේදී  මීගමුව මහාවීදිය දේවස්ථාන  ජුබිලි ශාලාවේදී  සිදුකෙරිණි. මේ අවස්ථාවට මුන්නක්කරේ ශ්‍රී කුරුස දේවස්ථාන භාර ගරු සුරාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු මෙම ප්‍රදානය සිදුකළ ⁣නෙදර්ලන්තයේ සිට මේ වන විට මෙරටට පැමිණ සිටින ලියෝ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඩෙනිස් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහභාගී වූහ. එමෙන්ම මෙම ප්‍රදානය සෑම වතාවකදීම සම්බන්ධීකරණය කරන මීගමුවේ පදිංචි  සංචාරක මඟ පෙන්වන්නෙකු වන ඇන්ඩෲ සිල්වා මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

සෑම වසර දෙකකට වරක්ම ලියෝ සහ ඩෙනිස් යන පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙවැනි ප්‍රදානයන් මෙරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිදු කරනු ලබන අතර  මෙවැනි ප්‍රධානයන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව මෙම විදේශික දෙපළම ශ්‍රී ලංකාවේ දරුවන් රැගෙන ගොස් දරුකමට හදාවඩාගැනීමයි. එම දරුවන් ශ්‍රී ලාංකිකයන් වීම නිසාම මෙම නෙදර්ලන්ත ජාතිකයින් මෙරට දරුවන් හා එම පවුල්  පිළිබදව විශේෂ අවධානයක් යොමුකර තිබේ.
මේ පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වන ඩෙනිස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් වනවාසේම එහි වෙසෙන ජනතාවද ඉතා ආදරණීය පිරිසක් බවයි. එහෙත්  මෙරට බොහෝ අය අඩු ආදායම් ලබන අය බවත් එවැනි අයට මෙවැනි ආකාරයෙන් හෝ ප්‍රදානයක් කිරීමට ලැබීම සතුටට කරුණක් බවද ඔහු පැවසීය.  එමෙන්ම ඉදිරි කාලයේදීත් තමන් හදා වඩා ගන්නා දරුවන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ අසරණ අඩු ආදාම්ලාභී ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට තමන් ඇතුළු තම හිතවතුන් පිරිස බලාපොරොත්තු වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. WhatsApp Image 2024 07 17 at 14.15.53 3d8da23b WhatsApp Image 2024 07 17 at 14.15.52 756751be WhatsApp Image 2024 07 17 at 14.15.51 71cac000 WhatsApp Image 2024 07 17 at 14.15.55 189db1b0

ඩෙනිස් මහතා , එම මහත්මිය සහ ඔවුන් හදා වඩා ගන්නා රේනුකා
ඩෙනිස් මහතා , එම මහත්මිය සහ ඔවුන් හදා වඩා ගන්නා රේනුකා
ලියෝ මහත්මා , එම මහත්මිය. දරුකමට හදාවඩා ගන්නා ඇන්ටනී සහ තවමත් වැදූ මව සොයන ⁣ෂෙහා
ලියෝ මහත්මා , එම මහත්මිය. දරුකමට හදාවඩා ගන්නා ඇන්ටනී සහ තවමත් වැදූ මව සොයන ⁣ෂෙහානි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here