මුරැතැනේ ටිපර් පාක් එක ගම්වැසියන්ට හිරිහැරයක්

0
68

කොච්චිකඩේ මුරැතෑන ප්‍රදේශය අද වැලි සහ මැටි කැපිම් නිසා දිනෙන් දින අවධානමට ලක්වෙන්නට පටන් ගෙන ු ඇති ගමක් බවට පත්ව ඇත.මෙහිදැනටමත්  මැටි සහ වැලි කැපිම නිසා  හැරි ඇති දැවැන්ත වලවල් දිස්වන්නේ කුඩා පරිමාණයේ වැව් ලෙසින්ය. මේ නිසාම ඒ අසල නිවෙස්වල බිත්ති පුපුරා ගොස් ඇති අතර පානිය ජලය පිළිබද ගැටළුද මතුව තිබේ.

මේ සියළු හිරිහැර මැද්දේ දැන් තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට මුරැතෑෙන් ගම් වාසින්ට සිදුව තිබේ.එනම් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්ගේ මැදිහත්විමෙන් ක්‍රියාත්මක වෙමින් ඇති දැවැන්ත ව්‍යාපෘති සදහා වැලි සැපයෙන ටිපර් 50 කට අධික ප්‍රමාණයක් රාත්‍රි කාලයේ නවතා තබන්නේ මුරුතැන ගම දෙසට දිවෙන මාර්ගයේ අසල ඇති කුඩා ඉඩමකය.

විශේෂයෙන්ම සවස් යාමයේ මේ මාර්ගයේ ගම්වැසියන් ට ගමන් ගන්නට සිදුව ඇත්තේ අමතර ආරක්ෂාවක් ගැන නිතර සිහිතබාගෙනය. එතරම් පලල් නැති ඒ මාවතේ එක දිගට ඇදෙන ටිපර් නිසාය. මෙයට අමතරව වැලි පැටවු මේ ටිපර් රථ හේතුවෙන් ඇතිවන දුවිල්ල  නැති සෞඛ්‍ය ගැටළු ඇති කරන තත්වයක් උදාකරමින් තිබේ.