මුව ආවරණ නැති මිගමු කොමසාරිස්වරිය ජනතා විරෝධය මැද පලා යයි ( විඩියෝ) ????

0
71

මිගමුවටම බණ කියන ඇතැම් ලොක්කන්ට ඊයේ දිනයේ මිගමුවේ කුට්ටිදුව ධිවර ගම්මානයේ ජනයා අපුරු පාඩමක් කියා දි තිබුණි.
මීගමුව මහනගර සභාව මේ ගම්මානය සමිපයේ කසල ප්‍රතිචක්‍රිකරණ වැඩපිළිවෙලක් ප්‍රදේශයේ ධිවර ජනයා නිසි ලෙසින් දැනුවත් නොකරමින් කටයුතු කිරිමට එරෙහිව ඊයේ දිනයේ ජනතාව විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මුව ආවරණයක්වත් නැතිව එහි පැමිණ සිට මිගමුව නාගරික කොමසාරිස්වරියට ගම්වාසින් විසින් ප්‍රබල විරෝධයක් එල්ල කර තිබුනේ මුව ආවරණ නොමැතිව ජනතාවට අතර පැමිණ තිබිම ගැනය. කෙසේ වෙතත් මේ විිරෝධය හමුවේ ඇය එතනින් ඉවත්ව ගොස් තිබුණි.

මේ අතර අද දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ගෙවුණු පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට‌ ගත් බවයි.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ නෙපැළඳීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2172කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව කරන බවයි.