මුස්ලිම් අන්තවාදයට එරෙහිව හඬ නැගු රම්ස් රාසික් මැයි 14 දක්වා යළි සිරගත කෙරේ ..!

0
158

රම්සි( 9.00 am ) සමාජ මාධ්‍ය ඔස්සේ සිය මතය ප්‍රකාශ කළැයි ICCPR පණත යටතේ අත්අඩංගුවට ගත් රම්සි රාසික් දිගින් දිගටම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඩ නැගු අයෙකු බව ජනාධිපති නීතිඥ එම් සුමන්තිරන් මහතා අද කොටුව මහෙස්ස්‍රාත් අධිකරණයට දැනුම් දි තිබුනි.

ඔහු ඒ බව පවසා තිබුනේ රම්සි රාසික්ට එරෙහිව පැමිණිල්ල ඊයේ ( 30 ) කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය ඉදිරිපිටදි කැදවු අවස්ථාවේදිය
නඩුව කැදවු අවස්ථාවේදි පොලිසිය වෙනුවෙන් පෙනි සිටි උප පොලිස් පරික්ෂක තුසිත කුමාර කියා තිබුනේ රම්සි රාසික් ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් සියලු දෙනාටම පෙනෙන ආකාරයේ පෝස්ටුවක් පළ කර ඇතැයි කියාය. මේ පිළිබදව දින වකවානුවද සහිත කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව එයට පිලිතුරු දුන් ජනාධිපති නිතිඥ එම් සුමන්තිරන් කියා සිටියේ මෙම තරුණයා දිගින් දිගටම ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව සහ ජාතිවාදයට එරෙහිව හඩ තරුණයෙකු බවය.
ඒ බව සනාථ කිරිම සදහා ඔහු විසින් පළකළපොස්ටු රැසක පිටපත් ජානාධිපති නිතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.එමෙන්ම ප්‍රධාන නාලිකාවක චතුර නම් වු වැඩසටහන් මෙහෙයවන්නෙකු පොදු අවකාශය තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් ප්‍රකාශ සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු කටයුතු නොකරන බවත් ජනාධිපති නිතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේය.
ජනපති නිතිඥ එම් සුමන්තිරන් මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ මෙම ප්‍රශ්ණ ගත පොස්ටුව ජාතින් අතර අසමගිය ඇතිකරන ආකාරයේ පොස්ටුවක් නොවන බවත් එම සම්පුර්ණ පෝස්ටුවෙන් මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ත්වය කරා නොගොස් සිටින ලෙස බවත් කි ජනාධිපති සුමන්තිරන් මහතා වචන අල්ලාගන්නේ නැතිව සම්පුර්ණ අදහස  බැලිය යුතු බව ප්‍රකාශ කලේය.
අත්අඩංගුවට ගෙන සිටින රම්සි රාසික් වකුගඩු ආසාදනයෙන් පෙළෙන බව කි සුමන්තිරන් මහතා එය සහ අනිකුත් කාරණා සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.
සියළු කරුණු සැලකිල්ලට ගත් මහේස්‍රාත්වරිය අත්අඩංගුවට ගත් රම්සි රාසික් චේතාන්විතව වරදක් සිදුකර ඇත්දැයි සොයා බලා ඔහුගේ ෆේස් බුක් ගිණුම අධික්ෂණය කර සවිස්තරාත්මක විශ්ලේෂණයක් ලබාදෙන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

ICCPR වැනි මහේස්‍ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය නොහැකි පනත් වලින් සැකකරුවන් ඉදිරිපත් කිරිමට පෙර ඔවුන් චේනාත්විතව යම් වරදක් සිදුකර ඇති බවට සැකයක් ඇතිවන්නේද යන්න සොයා බලාබැලිමට පුර්ණ විශ්ලේෂණයක් සිදුකළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
සැකකරු ICCPR පනතින් ඉදිරිපත් කිරිමට හැකියාවක් නැතිබව කියනවා නම් ඒ බව සනාථ කිරිමට ප්‍රමාණවත් ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රාසික් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වු නිතිඥවරුන්ට අධිකරණය දැනුම් දුන්නේය.එසේ නොමැති නම් මෙම පනත යටතේ ඇප ලබාගත හැක්කේ මෙම අධිකරණයෙන් නොවන බැවින් මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය..

රම්සි රාසික්ගේ වෛද්‍ය වාර්තා බන්ධනාගාරය වෙත යොමුකිරිමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද දැනුම් දුන්නේය.
සැකකරු ලබන 14 වෙනිදා තෙක් යළි රිමානඩ් කෙරුණි.
මුලාශ්‍රය -medialk.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here