මුස්ලිම් අන්තවාදින් තනිකළ හැක්කේ මුස්ලිම් ප්‍රජාව රැකගැනිමෙන් පමණයි !(විඩියෝ )

0
172
oznor

oznor

ජුඩ් කියන්නේ දශක 5 කටත් වැඩි කාලයක් මුස්ලිම් බහුතරයක් ජිවත්වෙන පෙරියමුල්ලේ ජිවත් වෙන හොද සිංහල කිකුණුවෙක්.
ඒ වගේම සටන්කාමි වාමාංශික ඉතිහාසයක් ඇති  ක්‍රියාධරයෙක්.
පිඟන් කම්හලේ සිය රැකියාවට සමුදිමෙන් පස්සේ තමන්ගෙම ව්‍යාපාරයක් දැන් කරගෙන යන, රහට කෑම හදන්න දන්න, රහ ආප්ප පාරේ සිය වෑන් එකේම තියාගෙන අලෙවි කිරිම ජිවිකාව කරගත් දක්ෂකයෙක්.
කිසිකලකවත් සිය වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති පවා නොදුන් එදත් අදත් මිගමුවේ සංහිදියාව වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කරන ජුඩ් මිගමුවේ සිංහල කිතුණුවන්ටත් අනික් අයටත් දුන්නේ ඉතා වැදගත් පණිවිඩයක්.
ඒ තමයි මුස්ලිම් අන්තවාදින් තනි කළ හැක්කේ වඩ වඩාත් මුස්ලිම් ජනයා රැකගැනිම තුල මිසක් ඔවුන් හිර හැර කිරිම තුල නොවන බව අවධාරණය කරමින්.
ඔහු පෙරියමුල්ලේ ප්‍රදේශයේ අන්තර් ආගමික කමිටුවේ සභාපති කමත් දරන එවැනි තනතුරකට කදිම සාධාරණයක් ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඉන්න කෙනෙක්.
අද අපට අවැසි ඇත්තේ මෙසේ හිතන පතන මිනිසුන් ගැහැණුන් ගණන මිගමුවේ වැඩිකරගැනිමටය. සිංහල අන්තාවාදය හුලං ගහන්නට ඇතැම් ජඩ දේශපාලකයන් තින්දු ගනිද්දි අප ඒවාට එරෙහිව මේ රටේ සෑබෑ සහජිවනයක් වෙනුවෙන් පෙළගැසිය යුතුව තිබේ.,
මිපුර කාච සටහන් වලට ජුඩ් කියන මිගමුවේ සංහිදියාවේ දිගපළල එකතු කරගන්න ලැබුනේ ඔහුගේ නිවසේම පවත්වාගෙන යන සිය පුංචි කෑම කඩය ඇතුලෙදිමයි .