මුස්ලිම් කොන්ග්‍රසය ගම්පහින් අතුගා දැමීමේ රජයේ සැලැස්ම පරදි..

0
33

2මුස්ලිම් කොන්ග්‍රසය කලක් තිස්සේ පළාත් සභාව තුල ගම්පහ දිස්ත්‍රික්කය තුල පවත්වාගෙන ගිය මන්ත්‍රිධුරය අහෝසි කර දමමින් එයද රජයටම ඇදා ගැනිම වෙනුවෙන් වු සැලැස්ම මේ වන විට පරාජය ලැබ ඇත.
විශේෂයෙන්ම මෙවර මැතිවරණය සදහා ශ්‍රිලනිපය වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ උපනගරාධිපති එම් .සකාවුල්ලා තරඟ බිමට ඒවිම  සහ හිටපු ඇමති නිමල් ලංසා මහත් උත්සාහයක් ගනිමින් ඔහුව දිනවිම සදහා කටයුතු කරමින් සිටිමත් මේ සැලැස්මේ අන්තර්ගතය විය.
ඒ අනුව මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් සාෆි රහිම් හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා මෙන්ම ශ්‍රිලනිපයෙන් සකාවුල්ලා යෙදිවිම තුල මුස්ලිම් ඡන්ද වල වැඩි වාසියක් ශ්‍රිලනිප වෙත ලබාගෙන කොන්ග්‍රසය සටනින් ඉවත්කරලිමේ සැලැස්ම දැන් පරාජයට පත්වෙමින් මුස්ලිම් කොන්ග්‍රසය ගම්පහින් ආසනයක් ලබා  සිටි.