මුස්ලිම් ජනයාගෙන් පොලිසියට අත්පොලසන් !

0
52

සාම රැස්විම 2(7.30 am )පසුගිය දිනවල මීගමුවේ මුස්ලිම් ජනයාද සිටියේ තරමක් බියට පත්වෙලා. එයට හේතුව තමයි රටම වෙලාගනමින් අම්පාරෙන් සහ නුවරින් ඇරඹුණු මහසොන් බලකායේ නරුමත්වය.
මේ නිසාම මීගමුවේ මුස්ලිම් ජනයාව සුරකිම ගැන කථාබස් කරගන්න විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ මීගමුව මහනගර සභාවේදි සංවිධානය කර තිබුණා.
මෙයට මුල්ව තිබුනේ මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත විසිනි.
මෙම හමුව සදහි සියළු ආගම් නියෝජනය කරමින් ඒවායේ ආගමික නායකයන්ද පොලිසියේ ඉහල නිලධාරින්ද එක්ව සිටියහ
මෙහි වඩාත් විශේෂත්වය වන්නේ මෙම රැස්විම සදහා මුස්ලිම් ජනයා විශාල පිරිසක් පැමිණ සිටිමය.
පොලිසිය විසින් මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව උපරිමයෙන් සැලැසිමට දිවා රැ නොබලා පොලිසිය කටයුතු කරන බව පෙලිසියේ ඉහල නිළධාරින් පවසනාවත් සමගින් රැස්ව සිටි මුස්ලිම් ජනයා විසින් හඩනගා අත්පොලසන් දෙන්නට විය.
ඉන් කියැවෙන්නෙ කුමක්ද?
මේ අත්පොලසන් නාදය තුලින් කියැවුනේ යම් භිතියක් සමගින් ජිවත් වන මුස්ලිම් ජනයාට පැහැදිලි ආරක්ෂාවක් සදහා පොලිසිය කැපවන බව කිම මත ඇතිවු විශ්වාසය නොවේද ???

.