මුස්ලිම් ජනයාගේ පිඩාවේදි ඒ අය බලන්න නාපු කාවින්ද,නිමල් ලංසා ඡන්දය වෙනුවෙන් අද මුස්ලිම් පල්ලියට ?

0
226
NGB-damage-2-1024x577
පෙරියමුල්ලේ මුස්ලිම් නිවාස වලට එල්ලවු ප්‍රහාරයන්
Periyamulla-muslim-community-2
මුස්ලිම් ජනයාගේ විපතේදි ඔවුන් සමගින් එක්වු කාර්දිනල් හිමියන්

මුස්ලිම් අන්තවාදින්ගේ පාස්කු ප්‍රහාරයත් සමගින් මිගමුවේදි ඇතිවු කලබලකාරි තත්වය හමුවේ මුස්ලිම් ප්‍රජාවගේ නිවාස ගණනාවකට ප්‍රහාර එල්ලවි තිබුණි.මේ ප්‍රහාරයන්ට පිටුපස මිගමුමේ පොහොට්ටුවට සම්බන්ධ පිරිස්  සිටි බව පසුව අනාවරණය වුණි.
එ දිනවල පැවැති හිරු බලය වැඩසටහනට පැමිණි මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන පවා මේ බව එහිදි ප්‍රකාශ කළේය.NGB-damage-1-1024x577
NGB-damage-3-1024x577කෙසේ වෙතත් මේ පිඩාවට පත් ජනයා බැහැදැකිම ඔවුන් ගේ දුක බෙදාගැනිමට පැත්ත පළාතකට පැමිණියේ නැති මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන මෙන්ම පොහොට්ටු ඇමැති නිමල් ලංසාද මේ දිනවල මුස්ලිම් ජනයා වෙනුෙවන් කිඹුල් කදුළු හෙළන්නට පටන් ගෙන තිබේ..(එදා මුස්ලිම් ජනයාගේ දුක බෙදාගන්නට කාර්දිනල් හිමියන් ගත් ඒ ථෙතිහාසික මැදිහත්විම මිගමුවේ ආගමික සමගියට අදාලව සිදුවු අති සුවිශේම ක්‍රියාවයි.)
මිගමුව නගරයේ ප්‍රධාන පුරවැසියා වු  නගරාධිපති දායන් ලංසා පවා මුස්ලිම් ජනයාගේ දුක බැලිමට පැත්ත පළාතකට පැමිණියේ නැත.තතු එසේව තිබියදි දැන්  ලංසා පවුල මේ දිනවල දේශපාලනය කරන්නේ එහෙම පිටින්ම මුස්ලිම් ජනයා අතරේය. එයට හේතුව වි ඇත්තේ කතෝලික ඡන්ද නිමල් ලංසාට මෙවර අහිමි බව ඉතා හොදින්ම දන්නා නිසාය.
වඩාත් විහිලුව වන්නේ දයාන් ලංසා  පෙරියමුල්ලේ ප්‍රධාන මුස්ලිම් පල්ලියට පැමිණ නිදහස් උත්සවයක්ද සංවිධානය කිරිමය. කපටි දේශපාලනය වෙනුවෙන් එසේ කළද මිගමුව නගර සභා භුමිය සිංහල බෞද්ධ අන්තවාදි හික්ෂුන් පිරිසකට මුස්ලිම් විරෝධි රැස්විම් පවත්වන්නට එදා සියලු පහසුකම් සලසා දි තිබුනේද මේ දායන් ලංසා විසින්මය.
පසුගිය ජනාධිපතිවරණයේදි පැවැති රැස්විම් වලදි පැහැදිලි මුස්ලිම් විරෝධි ස්ථාවරයක් ගනිමින් කතෝලිකයන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළු නිමල් ලංසා මෙන්ම දායන් ලංසාද පැවැති රැස්විම් වලදි ඒ මුස්ලිම් විරෝධි බව පැහැදිලිව ප්‍රකාශ කොට තිබුණි.ගෝඨාබය රාජපක්ෂ පැමිණි මිගමු රැස්විමට මිගමුවේ මුස්ලිම් දේශාපාලකයන්ට ඇරයුම් කර තිබුනේද නැත.
එදා පිඩාවට පත් මුස්ලිම් ජනයා බලන්නට නොපැමිණි නිමල් ලංසා අද පෙරියමුල්ල මහපල්ලියට පැමිණිමට නියමිත බව සැලය. ඔහුත් සමගින් කාවින්ද ජයවර්ධනද එහි පැමිණිමට නියමිතව ඇතැයිද කියැවේ .
මේ සියළු තක්කඩි වැඩ පිටිපස සිටින්නේ මුසල්ම් ජනයාගේ ඡන්ද පවා දුන් පෙරියමුල්ලේ දේශපාලකයෙකි. ඔහු ලංසා වෙනුවෙන් පල්ලියත් මුස්ලිම් ජනයාවත් පාවා දෙන්නට පටන් ගෙන ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු මිගමුවේ මුස්ලිම් ජේෂ්ඨයෙකු මිපුර අමතා ප්‍රකාශ කළේය.