මුස්ලිම් පුදබිමෙන් ඇරඹෙන සාමුහික යොවුන් ශ්‍රමදානය.෴

0
202

peace event in Periyamulla 2

මීගමුව අන්තර් ආගමික කමිටුව සහ ගම්පහ දිස්ත්‍රික් කමිටුව විසින් ක්‍රියාත්මක කරන සහජීවන වැඩ සටහන් මලාවේ එක් අවස්ථාවක් අද පෙරියමුල්ල ජුම්මා මස්ජිඩ් පල්ලියේදී පවත්වන ලදී . මෙම වැඩසටහන අනුව මෙම පල්ලියේ කලින් සුසාන භූමියක් ලෙස තිබී මේවනවිට අත්හැර දමා තිබුනු බිම් කොටසක් පිරිසිදු කිරීමට යොදාගෙන තිබින . මේ සඳහා අන්තර් ආගමික සහජීවන කමිටුවේ තරුණ , තරුණියන් ප්‍රමුඛත්වය ගෙන තිබින . මෙහි ප්‍රධාන අරමුණවී තිබුනේ එක්ව වැඩ කරමින් විවිධ ආගමික කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැගීමත්, මෙම අාගමික වත් පිළිවෙත් පිළිබඳව අනෙකුත් තරුණ පිරිස අතර අවබෝධයක් ගොඩනැගීමත්ය.
මේ අනුව ප්‍රථමයෙන්ම අබ්දුල් අබ්දුල්ලා රහුමාන් මහතා විසින් ඉස්ලාම් ආගමික වත් පිළිවෙත් ගැන දැනුවත් කිරීමක් කරන ලදී . මේ සඳහා අනෙකුත් මව්ලවි තුමන්ලාගේද සහයෝගය ලැබින .
මෙවැනි ශ්‍රමදානයක් පිළිබඳව අදහස යෝජනා කර ඇත්තේ මුස්ලිම් තරුණයෙකි . ආරම්භයක් ලෙස ජුම්මා පල්ලියෙන් ආරම්භ කළ මෙම වැඩ සටහන අනෙකුත් කතෝලික දේවස්ථාන, පංසල්, හින්දු කෝවිල් අතර ක්‍රියාත්මක කරමින් සහජීවනය වෙනුවෙන් අදාල වන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අන්තර් ආගමික කමිටුවේ සභාපති ත්‍යාගා මහතා පවසයි .
මේ සඳහා අබ්දුල් අබ්දුල්ලා රහුමාන් මහතා , සල්මන් මව්ලවි තුමා ඇතුළු මොහොමඩ් පාහිම්, ඉල්ලාම් කාසිම් , යන සමාජ ක්‍රියාධරයින්ද, අන්තර් ආගමික කමිටුවේ ක්‍රියාකාරිකයින් වන වසන්ත , ත්‍යාගා , පාතිමා, ජෙසිකා, සුසිල් යන අයද සහභාගී විය .