මුහන්දිරම් පිටියේ කසල රැස්කිරිමේ මධ්‍යස්ථානයට ප්‍රදේශවාසින්ගේ විරෝධය !

0
111

කුණු 1මීගමුව මහනගර සභාව විසින් මුහන්දිරම් පිටිය අසල පවත්වාගෙන යනු ලබන කසල රැස්කිරිමෙ  වෙන් කිරිමේ මධ්‍යස්ථානය විසින් පසුගිය  කාලයේදි ක්‍රමවත් ලෙසින් එහි කසල ඉවත් නොකිරිම නිසා අවට ජනයා දැන් කලක සිට විරෝධතා දක්වන්නට පටන්ගෙන තිබුණි.
එහෙත් මීගමුව නාගරික කොමසාරිස්වරයා මේ පිළිබදව කඩිනම් පියවරක් නොගැනිම නිසා මේ ප්‍රදේශවාසින් අද විරෝධතාවයක නිරතව තිබුණි.
එහිදි ඔවුන් අවධාරණය කර තිබුනේ පාසැල් කිපයක් ,දේව්ස්ථානයක් ළදරු සායනයක් ද සමගින් ප්‍රදේශවාසින් විශාල ප්‍රමාණයක් වෙසෙන මේ කලාපයේ නිසි කලකට කසල ඉවත් කිරිමට නගර සභාව කඩිනම් පියවර ගැනිම මහනගර සභාවේ ප්‍රධාන වගකිමක් බවය.
ඡායා- ප්‍රසාද් මුතුකුඩ