මුහුදට නොයා දින 10ක් – ධිවරයින් ලබන පාඩුවට වන්දි ගෙවන්නේ ධීවර ඇමතිවරයා ද?

0
60

රජය විසින්  භුමිතෙල් ඇතුලුව ඉන්ධන මිළ ඉහළ දැම්මේ පෙබරවාරි 11 වනදායි.  රැ 35කින් වැඩිකළ භුමිතෙල් මිළ ට විරැද්ධව  මීගමුව වෙරළ තීරැවේ විරෝධය මතුවෙන්නට පටන් ගත්තේ සමහර ස්ථාන වල 11 වනදා රාත්‍රිෙය්දීයි. මීගමුව ධීවරයින් පෙබරවාරි 13 වෙනිදා කොළඹ -මීගමුව ප්‍රධාන පාරට පැමිණ උද්ඝෝෂණය ආරම්භ කළ අතර, මහවැව‍. හලාවත වෙරළ තීරැවේ ජනතාවත් ප්‍රධාන නගර වලට පැමිණ විරෝධතා පැවැත්වූහ. ධීවරයන් පැවසූවේ නැවත තිබූ මිළටම භුමිතෙල් මිළට ගෙනෙන තෙක්  තම විරෝධය නොනවතින බවයි. ඔවුන් 13 වනදා මුහුදට යාම නැවැත්වූ අතර  මීගමුව ලෙල්ලම් පාලුවට ගියේය. අදට දවස් 10කට ආසන්න කාලයක් පුරා  හලාවතත් මීගමුවත්තුළ  මාලු නිෂ්පාදනය සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැත.  මේ වනවිට බෝට්ටු මුහුදට යන්නේ නැති නිසා ධවරයින්ගේ ප්‍රදාන ජීවනෝපාය නැවතී ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයද නැවතී ඇත.  මාලු වෙළදාම ආශ්‍රිතව ඇති සියලුම සුළු කර්මාන්ත, සුළු වෙළදාම් ද  නැවතී ඇති අතර මීගමුව ලෙල්ලම අසලට ගොස් බලන විට අසන්නට ලැබෙන්නේ  එදිනෙදා ආදායම නැතිව පසුතැවෙමින් සිටින ගැහැනුන් හා මිනිසුන්ය.

මීගමුව නගරයෙන් ලැබෙන තොාරතුරැ වලට අනුව නම්  බැංකු වලට ලැබෙන මුදල් තැන්පතු වලින් ධීවර ජනතාවගේ මුදල් සංසරණය අඩුවී ඇත. එමෙන්ම විදේශිකයින්ට ද   මීගමුව  නගරය තුළ ඇති කළ  හමුදාකරණය බලාපා ඇති බව විචාරකයින්ගේ මතයයි.  පසුගිය දිනවලදී ප්‍රධාන මංසන්ධි වග විශේෂ කාර්ය සාධක බලකාය යොදවා  තිබූ අතර ඔවුන්  තුවක්කු සහ යකඩ බැටන් පොලු වලින් සන්නද්ධව සිටියහ. එමෙන්ම නගරයේ සිදුකරන සාමාකාමී විරෝධතා වලට සැණෙකින්හමුදා ට්‍රක් කීපයක් හා  යතුරැ පැදි හමුදාවක් පැමිණී සිටිනු දක්නට ලැබුණි.  එමෙන්ම කදුළු ගෑස් හා ජල ප්‍රහාරක රථයක් ද මීගමුව නගරයේ සැරි සැරීය.


අද වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් වලට සිය  කණකර උගස් කරමින් තමන්ගේ එදිනෙදා වියදම සොයා ගැනීමේ තත්ත්වයක් උදාවි ඇත. ධිවරයින්ට ලබාදේන්නට සැරසෙන සහනාධාරය ගැන ධීවරයින්ගේ නිසිදු විහ්වාසයක් නොමැති අතර ඔවුන් මේ වනතෙක් මුහුදු ගොස් නැත. තමන්ගේ එදාවේලට මාලු ටිකක් සපයා ගන්නට ඔරැවකින් හෝ කුඩා බෝට්ටුවකින්  මුහුදට ගිය ධිවරයෙකු හැරෙන්නට  රැකියාව පිණිස කිසිදු ධීවරයෙකු මුහුදට ගොස් නොමැත. තමන්ගේ එදිනෙදා වේල සරිකරගත් ධීවර කර්මාන්තය තුළ දින 10ක් අහිමි විම තුළ ඔවුන් ලබන පාඩුවට වන්දි ගෙවන්නට  වගකීම ගන්නේ ධීවර ඇමතිවරයාද යන්න ධීවර ජනතාව නගන ප්‍රශ්නයයි. ඒ වෙනුවෙට තමන් උපයා ගත්,ඉතිරි කරගත් දේ උගසට තමා කන්නට සිදුවී ඇති බව ඔවුන් පවසති.

 

ඡායා – රේමන්ඩ් අපෝන්සු