මුහුදට පැන්න කාමච්චෝඬේ තරණයාගේ මරණයට වගකිවයුත්තේ පොලිසියද?

0
78

පසුගිය ජුලි 01 වැනිදා උදේ 10.00 ට පමන මීගමුව , කාමච්චෝඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුපස මීගමුව, පොලිස් ස්ථානයේ  පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ලූහු බැඳ තිබේ. එම පොලිස් නිලධාරීන්ට බිය වුණු මෙම තරුණයා කාමච්චෝඬේ මුහුදු වෙරළ ප‍්‍රදේශයට දුව ගොස් ඇති අතර තමන් පසු පසින් ඒ වන විටත් හඹා එන පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා මුහුදට පිවිස ඇත. උත්සහය අත් නොහල පොලිස් නිලධාරීන්ද නොනවත්වා තරුණයා පසුපසින් මුහුදට දුව ගොස් තිබේ. මෙහිදී මෙම තරුණයාව හා ඔහු පසුපසින් ලූහු බැඳ පැමිණි එක් පොලිස් නිලධාරියෙකුවද දියේ ගිලී ඇත. පසුව සෙසු පොලිස් නිලධාරීන් පැමිණ දියේ ගිලෙමින් සිටි පොලිස් නිලධාරියාව බේරා ගෙන ඇති අතර දියේ ගිලෙමින් සිටි තරුණයා මුහුදු ජල රල අතරේ අතුරුදහන්ව තිබේ.

මේ සිදුවීම සිදු වී පැය 24 ක් ඉක්ම යන්නට මත්තෙන් එනම් ජුලි 02 වැනි දින උදෑසනම එලෙස මුහුදේ අතුරුදහන්වූ එම තරුණයාගේ මළ සිරුර මීගමුව පෝරුතොට ප‍්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව, කම්ච්චෝඬේ විස්තී‍්‍රන් මාවතේ, 102/02 දරණ නිවසේ පදිංචිව හුන් දිනේෂ්  දිළිදු කුමාර ද සිල්වා නැමැති 26 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ධීවර කටයුතු වල හා කරවල ව්‍යාපාරයේ නිරත ව මියගිය ඉලංගරත්න සිල්වා සහ අයිරාංගනී ප‍්‍රනාන්දු යුවලගේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ 02 දරුවා වූ දිනේෂ් අධ්‍යාපනය ලැබුවේ මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. ඔහුගේ මව වන අයිරාංගනී ප‍්‍රනාන්දු යන අය පවසන්නේ මිය ගිය තම පුතු පාසලේදී 09 වසර දක්වා අධ්‍යාපනය හදාරා ඇති අතර මිය යන තෙක්ම ස්ථීර රැකියාවක් නොකල බවයි.
මිය ගිය දිනේෂ් ගේ මළ සිරුර හමු වූ ජුලි 02 වන දින පෙරවරුවේ එම පෝරුතොට වෙරළ ප‍්‍රදේශයට පැමිනි මීගමුව, අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී එස්. පීරිස් මහත්මිය එම ප‍්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරිනි. මහේත‍්‍රාත්වරිය එලෙස මල සිරුර පරීක්ෂාවට ලක් කරන විටදී මිය ගිය දිනේෂ් ගේ මුඛයේ ඒ වන විටත් මත්කුඩු පැකට් එකක් තිබී සොයා ගත් බවත් එලෙසම ඔහු හැද සිටි කලිසමේ සාක්කුවක රුපියල් 4500 ක මුදලක් තිබී එහි සිටි පොලිස් නිලධරින් එයද මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියේදී සොයා ගත් බවටද වාර්තා වූ බව මිය ගිය දිනේෂ් ගේ ඥාතීන් හා හිතමිතුරන් පවසති.

DSCN9846 newතවද දිනේෂ් ගේ මව හා එම ඥාතීන් පවසන්නේ මල සිරුර ගොඩ ගැසු ස්ථානයේදී මල සිරුර සම්පුර්ණයෙන්ම ආරක්ෂා කලේ මිය ගිය දිනේෂ් ගේ ඥාතීන් හෝ හිතවතුන් හෝ නොවන බවයි.  එය ආරක්ෂා කලේ පොලිස් නිලධාරීන්ම පමනක් බවයි. ඒ නිසා ඔවුන් අවධාරනය කරන්නේ එලෙස මත්කුඩු පැකට් එකක් මළ සිරුරේ මුඛයට දමා ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු විසින් බවයි. එය යම් ආකාරයක සැකයට තුඩු දිය හැකි කරුණක් බවට ද මිය ගිය දිනේෂ් ගේ මව හා ඔහුගේ ඥාතීන් වැඩි දුරටත් පවසති.