2017 නොවැම්බර් 17 වනදා මීගමුවේ සිට මුහුදු රස්සාවට ගිය ” මරියගොරෙට්ටි 4” බෝට්ටුව නොවැම්බර් 30 වෙනි බ්‍රහස්පතින්දා පාන්දර 3.00ට මුහුද මැදදී අනතුරට ලක්විය. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන තලාදූවේ පදිංචි ශෝෂප් මහතා ජීවත් වන්නේ බෝට්ටු රස්සාවෙනි. පසුගිය බ්‍රහස්පතින්දා මීගමුවෙන් පිටත්වූ සිය බෝට්ටුවේ සිටි ධිවරයින්ට මුහුණ දීමට සිදුවූ බිහිසුණු අත්දැකීම පිළිබදව ඔහු මෙසේ විස්තර කරන ලදී.
ජෝශප් මහතා – බොට්ටුවේ හිමිකරු
අපේ කට්ටිය මීගමුවේ ඉදලා සැතපුම් 47ක පමන දුරකදී (පැය 8ක කාලයක්
ගන්නා දුරක්) කුණාටුවකට හසුවුණා. ඒ ගොල්ලෝ උත්සාහා කරලා තියෙනවා ගොඩට බෝට්ටුව පැදගෙන එන්න. නමුත් ඒක අසාර්ථක වුණා. කොහොම නමුත් අපේ අය සූදානමිනුයි හිටියේ. ලයිෆ් ජැකට් දාගෙනයි හිටියේ. කුණාටුවේ තදකම නිසා බෝට්ටුව නතර කරලා
සී – ඇන්කර් දෙකක්ම දාලා තියෙනවා. ඒ වුණත් වැඩක් වෙලා නෑ. බෝට්ටුව පෙරලිලා කට්ටිය මුහුදට වැටිලා තියෙනවා. ඒ වෙලාවේ මගේ අය්යා කෙනේක්ගේ බෝට්ටුවක් නිසා තමයි අපේ කට්ටිය බේරුණේ. සෑහෙන වෙලාවක් ,පැය 05ක් විතර කට්ටිය මුහුදේ තමයි හිටියේ.
මේ බෝට්ටුවේ ගිය දෙදරු පියවරුන් වන ෂෙරින්ටන් සහ රනිල් ගේ කතාව
අපි රැ 10 සිට ලොකු සටනක් කළා ගොඩට එන්න. පැය පහක් පමණ බෝට්ටුව සමග ඔට්ටු වුනා. කුණාටුව තද වුණා. බෝට්ටුව පෙරළුනා. වතුරේ ඉන්නකොට තද පිපාසයක් දැණුනා. ඒ නිසා අපි වහින වතුරට කට අල්ලගෙන හිටියා. ටික වෙලාවක් යනකොට අපේ අතපය වාරු නැතිව ගියා. බෝටටුව යට පැත්තේ කවාටි වලට අපේ අත පය සීරුණා. අපි හිටියේ මර බයෙන්. බෝට්ටුවේ කිසිම දෙයක් ගන්ඩ බැරි වුණා. ඒවා බෝට්ටුවක් එක්කම විනාශ වුණා.
නොවැම්බර් 30 වනදා පාන්දර 3.00 ට තමයි අපි මේ කුණාටුවට මුහුණ දුන්නේ. එදා උදේ 7.45ට පමණ අපේ අසල්වාසී බෝට්ටුවක් ඇවිත් තමයි අපිව බේරගත්තේ.
අපි එදා රෑ 7.45ට පමණ මීගමුවට ආවා. ලයිෆ් ජැකට් නොතිබුණා නම් අපිට බේරෙන්න ලැබෙන්නේ නැහැ.
ජෝශප් මහතා –
දැල් කෑලි 38කුත් සැටලයිට් 3කුත් ,හයිකෝන් රේඩියෝවකුත් ( දෙලක්ෂ විසිපන්දාහක් විටින) මේ සියලු දේ සලකා බැලුවාම ඒවායේ විටිනාකමරුපියල් ලක්ෂ 32ක පමණ වටිනා කමින් යුක්තයි. මම රජයෙන්
ඉල්ලන්නේ බෝට්ටුව කෙසේ වෙතත් අඩුම ගානේ දැල් ටිකවත් ලබාදෙන්න කියලයි. මේ වෙනතෙක් කිසිම කෙනෙක් මේ ගැන හොයාලා බැලුවේ නෑ. මම අහන්නේ ධිවරයට ආරක්ෂාවක් ලැබෙනවද කියලයි ? ලයිෆ් ජැකට් පවා අපිට දෙන්නේ නෑ. මුහුදු යන අයට නෙවෙයි ඒවා වුණත් දේනනේ. ඒවා දෙන්නේ කලපු යන අයටයි.
සටහන සහ ඡායාරූප – සැම්සන් ඥානසිරි