මුහුදු ගොස් අතුරුදන්ව සිටි කම්මල්තුරේ ධිවරයන් දෙදෙනා සොයා ගැනේ !

0
149

ruf sea 1පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ධිවර රැකියා කටයුතු වල නිරත නොවන ලෙස විවිධ දැනුම් දිම් කර තිබියදිත් මීගමුව කම්මල්තුරේ ධිවරයන් දෙදෙනෙකු කුඩා බෝට්ටුවකින් රැකියාවේ ගොස් තිබේ.,ඒ ඊයේ අලුයමයි.
එහෙත් දහවල් වන තුරුත් මේ අය නැවත නොපැමිණිම නිසාම ඒ ප්‍රදේශයේ ධිවරයන් විසින් අදාල බලධාරින් වෙත දැනුම් දිමෙන් අනතුරුව ඒ ධිවරයන්ව සොයා මෙහෙයුම් අරභා තිබේ.
හෙලිකොප්ටර් පවා යෙදවිමට අවැසි පියවර ගනිමින් තිබියදි ප්‍රදේශයේ ධිවරයන් පිරිසකට මේ දෙදෙනා බෝට්ටුවේ යාන්ත්‍රක දෝෂයක් හේතුවෙන් අතරමංව සිටියදි සොයා ගෙන ඇත.
මීගමුව ධිවරය කාර්යාලයේ ප්‍රධානියෙකු පවසා සිටියේ මිගමුවෙන් වාර්ථා වු එකම සිදුවිම වන්නේ මෙය බවයි.