මුහුදු රළ විසින් පළවා හරින අහිංසකයන්ගේ කථාව ….

0
185

marawilamarawila 22012 වසරේදි මාරවිල මූදුකටුව වෙරළතීරය දරුණු මූදු ඛාදනයට ලක්වීම නිසා නිවාස අහිමි වු පවුල් 5 ක ධිවරයන් පිරිසක් වසර 3ක් පුරාවට කිසිදු පහසුකමක් නැතිව කුඩාරම් වල ජීවත්වන බව එම ධිවරයන් පවසයි කිසිවෙකුට බරක් නොවි ජීවිකාව ගෙන යමින් ඉතා හොඳින් තම දු දරුවන් සමග ජීවත් වෙමින් සිටි තමන් හට අද වනවිට බිම් අඟලක් නැතිව කිසිදු පහසුකමක් නැතුව ජීවත්වන්නට සිදු වි ඇති බව එම ධිවරයන් පෙන්වා දෙති ජීවිතයත් මරණයත් අතර සටනක් කර මහ මුහුදත් එක්ක පොරබැද රැකියාව කර ජීවත් වන තමන් හට ඔනේම ආකාරයකට ජීවත් විය හැකි වුවත් තමන්ගේ දු දරුවන්ට මෙලෙස ජීවත් විය නොහැකි බව ඔවුන් පවසති රටේ ආර්ථිකයට දායක වෙමින් රටට බරක් නොවි ජීවත් වන තමන් හට තමන් විපතට පත් වු අවස්ථාවේ රාජ්‍ය බළධාරින්ගෙන් කිසිදු සහනයක් නොලැබුනු බවත් වාර ගණනාවක් තමන් ජීවත් වන තත්වය ගැන ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට පෙන්වා දුන්නත් කිසිවෙකුත් තමන් ගැන සොයා නොබැලු බව එම ධිවරයන් පවසති එම කුඩාරම් වල ජීවත් වන ධිවරයෙකු වන මංජුල මහතා අපි වසර ගණනාවක් ජීවත් වුනේ රැකියාව කරේ මහ මුහුද අයිනේ ජීවත් වෙමින් එත් අපේ අවාසනවකට වෙන්න ඇති 2012 දි අපේ ගෙවල් මහා මුහුදට බිලි වුනා අපේ තිබුණු සේසතම අපිට නැති වුනා එදා ආපදා කළමණාකරන මද්‍යස්ථානයෙන් හදලා දීපු කුඩාරම් වල තමා අපි මේ ප්‍රාදේශිය සභා ඉඩමක තමා තාම ජීවත් වෙන්නේ අපිට ඉඩමක් දුන්නා මාවිල පැත්තේ එහෙ ඉඳලා එන්න ඔනේ බස් වල එහෙම ඇවිත් මුහුදු රස්සාව කරන්න පුලුවන්ද මහත්තයෝ මේ අයට තෙරෙන්නේ නැ ධිවරයා ඉන්න ඔනේ මුහුද කිට්ටුව කියලා අමිත් මිල්රොයි මහතා අපි මේ ගෙවල් වල ඉන්නේ අහිකුන්ටිකයෝ වගේ ඇයි අපිට මෙහෙම සලකන්නේ අපි මේ රටට ලොකු සේවයක් කරනවා එත් අපි ගැන සොයලා බලන්න කෙනෙක් නැ අපි කිවා මේ ඉන්න ඉඩම අපිට බෙදලා දෙන්න කියලා මොකද මේතන ඉඳන් මුහුදට කිට්ටු නිසා එත් පාලකයෝ දවසින් දවස් කල් දානවා අපිට පුංචි දරුවෝ ඉන්නවා පාසැල් යන දරුවෝ ඉන්නවා මෙතන ඉන්න කිසිදු ලියවිල්ලක් නැති නිසා අපිට විදුලිය නැ වතුර නැ අපි මේ විදියට ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි අපි කියන්නේ අපිට මේ ඉඩම දෙන්න අපි ගෙවල් හදා ගන්නම් අපි විදුලිය ගන්නම් අපිට රජයෙන් කිසිම දෙයක් ඔනේ නැ මේ වැලි පොලොවෙ නිදාගන්න අපේ දරුවන්ට නිතරම ලෙඩ අනෙක සර්පයෝ ඉන්නව ලාම්පු එලියෙන් ඉස්කොලෙ වැඩ කරන දරුවෝ එක්ක අපිත් ඉන්න ඔනේ කොයි වෙලේ ඒක පෙරලිලා ගිනි ගනිද දන්නේ නැති නිසා මේ පිළිබඳව විමසිමේදි මෙම ප්‍රදේශය අයත් නාත්තණ්ඩිය ප්‍රාදේශිය සභාපති නිලන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය මෙම මූදුකටුව ප්‍රදේශය අපට අයත් අපි මේ ධිවරයන් ගැන වාර ගණනාවක් ඉහල නිළධාරින්ට පෙන්වලා දුන්නා ප්‍රාදේශිය ලේකම් තුමා එක්ක කතා කරලා අපි මාවිල ප්‍රදේශයෙන් මේ අයට ඉඩම් දුන්නා එත් ඒ අය යන්න කැමති නැ එම ධිවරයන් පිරිස ඉල්ලන්නේ ඒ අය පදිංචි වෙලා ඉඩම බෙදලා දෙන්නලු අපේ සභාවට එම ඉඩම අයිති වුනත් එහෙම කරන්න මට බලයක් නැ ඒකට කැබිනට් මණ්ඩලයෙන්ම අනුමැතිය ඔනේ අපේ ආණ්ඩුව කාලේත් ඒකට අපි උත්සහ කලා එත් කර ගන්න බැරුව ගියා

Chandana Fernando's photo.
Chandana Fernando's photo.
Chandana Fernando's photo.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here