මින් එක ප්‍රශ්ණයක් වන්නේ තහනම් තංගුස් දැල් භාවිතා කරමින් කරන මසුන් ඇල්ලීමයි. සාමාන්‍යයෙන් නයිලෝන් දැල භාවිතා කිරීමට හැකියාව තිබෙන නමුත් එය භාවිතා නොකර තංගුස් දැල් භාවිතා කිරීම නිසා කොරල් පර වලට හානි වන අතර මසුන් විශාල ලෙස විනාශ වන බව මෙම කිමිදුම් කරුවන් පවසයි .
මේවනවිට කල්පිටිය , මාතර , කල්මුණේ , ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල වැඩියෙන් මෙම තංගුස් දැල් භාවිතා කරන බව මේ අය සඳහන් කරයි .
නමුත් අපනයන කරුවන් මෙම පිළිවෙත කඩමින් තම වාසිය ගැන පමණක් සිතා ක්‍රියාත්මක වීම නිසා විශාල හානියක් සිදුවේ. මෙහිදී වැඩි ප්‍රමාණයක්( 90% ) මව් සතුන් වන බැවින් එය මසුන් හිඟවීමට ප්‍රධාන හේතුවක් වන බව කිමිදුම් කරුවන් පවසයි . ඒනිසා මෙවැනි තත්වයන් තවදුරටත් පැවතුනහොත් මෙම විසිතුරු මතස්‍ය කර්මාන්තය වැඩිදුරක් කරගෙන යාමට නොහැකි වන බවත් ඒනිසා මෙම අපනයන කර්මාන්තය බිඳවැටෙන බවත් කිමිදුම් කරුවන් පවසති .
මේ අනුව ඔවුන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ සඳහා පියවරක් ගන්නා ලෙසය.