මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තය හා බැදුන පන්න ක්‍රම

0
197

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැුකියා වර්ග ඇත. එම රැුකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම ද යොදා ගනී.

ඔරුව

ඔරුවෙහි කොටස් – ඔරු කඳ, වියල, කොල්ලෑව, පල්ල හා ඔරු මැස්ස, කුඹ ගහ, අවුලූම් ගල.

ඔරුව යොදා ගන්නා රැුකියා – මඬේ ඉස්සන් ඇල්ලීම, යාන රැුකියාව, (මුහුදේ බිලිබෑම*ඔරුව නවතා ගැනීම සඳහා භාවිතා කරන්නේ ඇවුලූම් ගලයි. මෙය බර ගලකි. ( මෙය තැනීමට ක`ඵගල් යොදා ගැනේ.* ලී දෙකක් බැඳ දිග ලණුවක් යොදා සාදාගනී. ( ලී දෙක තන්ඩි ලෙසත්, ලණුව මන්ද ලෙස හෝ රැුහැන ලෙස හඳුන්වයි.* මුහුද ආශ‍්‍රිත රැුකියාවේදී පාවිච්චි කරන ඔරුව ‘මුහුදු ඔරුව’ වේ. මෙය කලපුව සඳහා යොදා ගන්නා ඔරුවලට වඩා විශාල ය. මෙම ඔරුවෙ දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු රැුකියාවේ යෙදෙති.

බෝට්ටුව – මෙම බෝට්ටු යොදාගැනීම කරන

රැුකියාව අනුව වෙනස් වන අතර ලොකු බෝට්ටු, පොඩි බෝට්ටු හා අද වන විට බහුදින ධීවර යාත‍්‍රා ලෙස නම් කරන බෝට්ටු ද වේ. එ්වා ට්‍රෝලර් නමින් හැඳින්වේ.

බෝට්ටුවේ කොටස් – පොඩි බෝට්ටුව නම් අවර හා ඇනියෙන් පමණක් සැකසීගත් බෝට්ටු කඳක් සහිත වන අතර ලොකු බෝ්ට්ටුව බෝට්ටු බඳ, ඩෙක් එක, එන්ජිම් රූම් එක, සුක්කානම, පොප්ලරය වැනි අංග ඇතුළත් ය. මෙහි දිග අඩි 24, 28 පමණ වන අතර පළල අඩි 16 හා 18 අතර ප‍්‍රමාණයක් වේ.

ඩෙක් එක –

මෙය ඇනිය කොටස හඳුන්වන නමයි. මෙය මිනිස්සුන්ට හිඳීමට හැකිවන පරිදි යෙදුණ තට්ටුවකි. මෙයට යටින් එවැනිම තට්ටුවක් ඇත. උඩින් ඇති ඩෙක් ලෑල්ල ඉවත් කර බෝට්ටුව යටට බැසීමට හැකිවන පරිදි තට්ටුවක් ලෙස පිහිටා ඇත. මෙය ලෑලි වලින් සකසා ඇත. බෝට්ටු බඳ ද ලෑලි උපයෝගී කරගෙන සාදා